/ Feb 16, 2026

තත්ත්වය බරපතලයි. එක එක කතා කියල අත පිහදාගන්න බැහැ. බැරිනම් යන්න – නාමල්ගෙන් ආණ්ඩුවට එකපිට එක චෝදනා!

ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීම වෙනුවෙන් සංවිධානාත්මක අපරාධකරුවන් යොදාගෙන මහජන මතය වෙනස් කිරීමට මැදිහත්ව සිටින අතර
ආණ්ඩුවට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවන්ට නිදැල්ලේ හැසිරීමට ඉඩ ලැබීමත් එවැනි සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහි පාර්ශව වෙත ආණ්ඩුව ක්‍රියා කරන ආකරයක් පෙනෙන්නට තිබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ වන විට සංවිධානාත්මක අපරාධකරුවන් විසින් නීතිඥවරයෙක් ඝාතනය කර ඇති අතර පසුගිය දිනක නීතිඥවරයෙක්ට අධිකරණ භූමියේදී පහරදීමක්ද සිදුවූ බව හෙතෙම කියා සිටියේය.

මේ රටේ නීතිය සාමය ක්‍රියාත්මක කරන්නේ පොලීසියද නැත්නම් සංවිධානාත්මක අපරාධකරුවෝද යන ප්‍රශ්නය මතුව තිබෙන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

පවතින තත්ත්වය අනුව නීතිය හා සාමය රැකීමට විශේෂයෙන් පොලිස්පතිවරයාට නොහැකි නම් ඔහු ඉන් ඉවත් විය යුතු බවද මන්ත්‍රීවරයා අවධාරණය කරන ලදී.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (16) ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව වෙනුවෙන් පෙනී සිටීමට කොළඹ මහාධිකරණයට පැමිණිව අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

නීතිඥවරු අද (16) දින රාජකාරීවලින් ඉවත් වීමට තීන්දු කිරීම නිසා මෙම නඩුව ලබන 19 වනදා දක්වා කල්තැබීමට අධිකරණය තීන්දු කර තිබුණි.

1 thought on “තත්ත්වය බරපතලයි. එක එක කතා කියල අත පිහදාගන්න බැහැ. බැරිනම් යන්න – නාමල්ගෙන් ආණ්ඩුවට එකපිට එක චෝදනා!”

  1. හිටි හැටියේ මෙතරම්. ආයුධ තොගයක් සහ මත් ද්‍රව්‍ය තොගයක් සංසරනය වන්නේ කෙසේද? අර්ජුනා මන්ත්‍රි වරයා වරක් ප්‍රකාශකල පරිදි කන්ෙට්නර් 423 හි
    තිබුනේ එවැනි දේද? සංසරනය වන ආයුධ සහ මත්දව්‍යත් කන්ටේනර් 323ත් අතර දම්බන්දයක් තිබේදැයි පොලිසිව නොසොයන්නෙ ඇයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top