/ Mar 12, 2025

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් විදුලි පාරිභෝගිකයාට වාසියක්!

verdict benefits the electricity consumers

ලංකා විදුලි බල මණ්ඩලය විසින් පාරිභෝගිකයින්ගෙන් විදුලිය ලබා ගැනීමේදි ලබා ගන්නා තැන්පතු සඳහා පොලී මුදල් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) නියෝග කරනු ලැබීය.

ලංකා විදුලිබල මණ්ඩලය මගින් විදුලි සැපයුම් ලබා දීමේදි පාරිභෝගිකයින්ගෙන් ලබා ගන්නා මෙම සුරක්ෂිත තැන්පතු මුදල් සඳහා ගෙවිය යුතු වාර්ෂික පොලී මුදල් පාරිභෝගිකයින් වෙත ගෙවීමට පියවර ගන්නා ලෙස ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලංකා විදුලි බල මණ්ඩලයට නියෝග කර ඇත.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2024 ජනවාරි 30වැනි දින අධිකරණයට ඉදිරිපත් කර ඇති මෝසමේ සඳහන් ආකාරයට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙවනු ල‍බන 11.67%ක වාර්ෂික පොලිය ගෘහස්ථ විදුලි පාරි‌‌භෝගිකයන්ට මෙන්ම අනෙකුත් විදුලි පාරිභෝගියන්ට ගෙවිය යුතු බවට එස් තුරෙයි රාජා, සෝභිත රාජ කරුණා යන විනිසුරුවරුන් ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නියෝග කළේය.

මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ ලංකා විදුලි බල පනතේ 28/3 පනත ප්‍රකාරව ලබාගෙන ඇති වාර්ෂික පොලී මුදල පාරිභෝගියන්ට ගෙවන ලෙසට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති පාරිභෝගියන්ගේ සංගමය, එම සංගමයේ සභාපති මහේෂ බණ්ඩාර ඉලංගසිංහ හා ලේකම් ප්‍රසාද් භාතිය අමරකොන් විසින් ගොනු කර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැදවූ අවස්ථාවේ දී යි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top