/ Mar 22, 2025

අපේ ඉල්ලුම්කරුවන්ගේ තරඟය නිසා ජපානය ගණන් උස්සයි!

vehicle import

මෙරට වාහන ඉල්ලුම්කරුවන්ගේ දැඩි තරඟකාරිත්වය යටතේ ඉදිරිපත් කරන ලන්සු හේතුවෙන් ජපානයේ වෙන්දේසි කරන වාහන මිල ගණන් ඉතා වේගයෙන් ඉහළයමින් ඇති බව මෙරට වාහන ආනයනකරුවෝ පවසති.

ඇතැම් ජනප්‍රිය වාහන වර්ග කිහිපයක්ම මේ වන විට වෙන්දේසි වල සොයා ගැනීමට පවා නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

වාහන ආනයනය විවෘත කර මුල් දිනවල සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 98ක් පමණ වූ වාහනයක් අද වන විට මෙම ලන්සු ඉදිරිපත් කිරීමේ තරගකාරීත්වය මත ලක්ෂ 125 ඉක්මවා යමින් ඇති බවද ඔවුහු සඳහන් කරති.

ඒ අනුව ඉදිරියේදී මේ රටට පැමිණෙන වාහන තවදුරටත් ඉහළ මිලක් ගනු ඇතැයි ඔවුන්ගේ අනුමානයයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top