මේ දිනවල සමගි ජනබලවේගය පක්ෂය තුළ පවතින අභ්‍යන්තර අර්බුද හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය සමග පැවැත්වෙන සාකච්ඡාවලට බාධා එල්ල වී ඇතැයි වාර්තා වේ.
එළැඹෙන මැතිවරණවලදී එක්ව තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය අතර සාකච්ඡා ආරම්භ වූයේ පසුගියදායි.
මේ දක්වා සාකච්ඡා වට කිහිපයක් පැවැතියත් මේ වන විට එම සාකච්ඡා අතරමග නතර වී ඇත.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය පැවසුවේ සිය පක්ෂය තවමත් සාකච්ඡාවලින් ඉවත් වී නොමැති බවයි.