/ Mar 13, 2025

රෝහල් රැසක බෙහෙත් හිඟයක්

ශල්‍යකර්ම සඳහා රෝහල්ගත වන රෝගීන්ගේ මූලික වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය බොහොමයක් රෝහල් රැසක තවදුරටත් හිඟව පවතින බව වාර්තා වේ.

ඒ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට ඉලාස්ටෝ ප්ලාස්ටර්, කැනියුලා, නිර්වින්දන ජෙලි, කුඩා බ්ලේඩ් සහ සටහන් දැමීමට අවශ්‍ය පොත් (පිටු 80) ද ඇතුළු මූලික වශයෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය බාහිරින් රැගෙන එන ලෙස දන්වමින් ඇතැම් වාට්ටු තුළ දැන්වීම් පත්‍රිකා අලවා ඇති බවට රෝගීහු මැසිවිලි නගති.

තවද බෝනොවන රෝග සායන සඳහා රෝගීන්ට ලබාදෙන මෙට්ෆොමින්, ඉන්සියුලින්, කොලොස්ටරෝල් පෙති ඇතුළු ප්‍රධාන ඖෂධ හිඟව පැවැතීම හේතුවෙන් එම ඖෂධ පිටතින් මිලදී ගැනීම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top