/ Mar 25, 2025

අදත් විදුලි කප්පාදුව පැයක් : වේලාවන් මෙන්න

අද (13) දිනයේත් පැයක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දෙනවා.

ඒ අනුව විදුලිය කප්පාදු කරන වේලාවන් 4ක් යටතේ කාණ්ඩ 20කට අදාළව ලංකාව පුරා විදුලිය විසන්ධි කරනු ලබන බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.

පසුගිය ඉරිදා සිදු වූ හදිසි විදුලි බිඳවැටීමෙන් අනතුරුව නොරොච්චෝලේ බලගාරයේ ජනන යන්ත්‍ර 03ම අක්‍රීය තත්ත්වයට පත්වීම හේතුවෙන් විදුලි ඉල්ලුම කළමනාකරණය කරගැනීම සඳහා පසුගිය 10 සහ 11 යන දිනයන්හි පැය එකහාමාරක කාලයක් දිවයිනේ සෑම ප්‍රදේශයකටම විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගත්තේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top