/ Sep 03, 2026

ගල් අඟුරු සංචිත අඩු වුණාට විදුලි උත්පාදනයේ ප්‍රශ්නයක් නැහැ – ඇමති සහතික වෙයි

ගල් අඟුරු සංචිත අවමවීමත් සමඟ නොරොච්චෝලේ බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සීමා කිරිමට පියවර ගෙන ඇති නමුත් ප්‍රමාණවත් පරිදි ජල විදුලි උත්පාදනය සිදුකරන බැවින් විදුලි සැපයුමට බාධාවක් එල්ල වී නොමැති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි.

ගල් අඟුරු නෞකා දෙකක් ඉදිරියේ දී දිවයිනට ළඟාවීමට නියමිත අතර ඉන් පළමු නෞකාව හෙට (04) පැමිණීමට නියමිතයි.

අනෙක් නෞකාව ලබන 12වන දින දිවයිනට ළඟාවීමට නියමිත අතර අදාළ නෞකාවල ගල් අඟුරු ගොඩබෑමෙන් පසු නිසි පරිදි ගල් අඟුරු මගින් විදුලි නිෂ්පාදන කටයුතු සිදුකිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

පවතින තත්ත්වය හමුවේ විදුලි කප්පාදුවක් සිදුකිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති අතර ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව ද අමාත්‍යවරයා කියාසිටියි.

ගල් අගුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මේ වන විට විදුලි උත්පාදන කටයුතු බරපතල ගැටලුවකට ලක්ව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top