2025 වර්ෂයට අදාළ අය-වැය යෝජනා කෙටුම්පත අද (17) ජනපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
මේ යෝජනාවලිය පිළිබඳ අදහස් දක්වමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා කියා සිටියේ මෙය නව ලිබරල් දැක්මක් සහිත අය-වැයක් බවත් පසුගිය එජාප-පොහොට්ටු රජයේ අය-වැය දැක්මෙන් බිඳක්වත් වෙනස් නැති බවත් ය.
මෙම අය-වැය විසින් ජවිපෙ සහ ජාතික ජනබලවේගයේ දැක්ම ගැන ප්‍රශ්නයක් පැන නගින බව කී මන්ත්‍රීවරයා නව ලිබරල් ආර්ථික දැක්මට එකඟ නම් වසර 40ක් තිස්සේ එයට විරුද්ධ වී කටයුතු කළේ ඇයි දැයි ආණ්ඩුවෙන් විමසා සිටියේ ය.