/ Mar 20, 2026

මෙන්න මේකයි අපේ මධ්‍යස්ථභාවය – ජනපති පාර්ලිමේන්තුවට ඇවිත්ම කියයි

ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් ලෙස ඉරාන – ඇමරිකා ගැටුම මැද මධ්‍යස්ථභාවය රැකගත් ආකාරය පිළිබඳ අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් පැවසුවේය.

යුක්තිය පිළිබඳ ප්‍රශ්නයත් සහ ජාත්‍යන්තර පිළිගැනීමත් අපට අත්පත් කරගැනීමට හැකි වන්නේ, අපේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කරගනිමින් බවයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව ඉරානයේ නෞකාවලට මෙන්ම ඇමරිකාවේ ප්‍රහාරක ගුවන යාන වලට මෙරටට පැමිණීමට කර තිබූ ඉල්ලීම් දෙකටම අවසර නොදීමට කටයුතු කළ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

“විශේෂයෙන්ම මැදපෙරදිග යුදමය තත්ත්වයත්, ඒ හරහා ලෝකයේ රාජ්‍යයන් මුහුණදී තිබෙන විවිධ තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවතිනවා. ඒ පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමට ඉඩ විවරවීම පිළිබඳව යෝජනාව ගෙනඑන ලද අයට ස්තූතිවන්ත වෙනවා.

විශේෂයෙන්ම මේ ප්‍රශ්නය පිළිබඳව ආරම්භයේදී අපේ ස්ථාවරය තමයි මධ්‍යස්ථභාවය. අපේ මව්බිමේ ගෞරවයත්. ඒ වගේම යුක්තිය පිළිබඳ ප්‍රශ්නයත් සහ ජාත්‍යන්තර පිළිගැනීමත් අපට අත්පත් කරගැනීමට හැකි වන්නේ, අපේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කරගනිමින්. ඒ නිසි කිසිසේත්ම කුමන පීඩනයන් මධ්‍යයෙහි හෝ මේ මධ්‍යස්ථභාවය ගිලිහෙන්න දෙන්නේ නැහැ.

නමුත් මා දන්නවා සමහර මන්ත්‍රීවරුන් සහ සමහර අදහස් ඉදිරිපත් වෙනවා. අපි යම් කණ්ඩායමකට පක්ෂපාතීව ඉන්නවා. සමහර තීන්දු තීරණ නිසි වෙලාවට ගත්තේ නැහැ වගේ අදහසකින්. ඒවා සම්පූර්ණයෙන්ම අසත්‍යයි කියලා ඔබට කියන්න ඕනේ.

පළමුකොටම ඉරානයේ නැව් පිළිබඳ ප්‍රශ්නය. විශේෂයෙන් අපිට 2026 දෙවෙනි මාසේ 26 වැනිදා අපෙන් ඉල්ලීමක් කළා. මාර්තු 09 සහ 13 කියන දිනවලදී ලංකාවට ගුඩ්විල් විසිට් එකක් එන්න ඕනේ කියලා. සහයෝගීතා වර්ධනය කිරීමේ සංචාරයකට ලංකාවට එන්න ඕනේ කියලා අපෙන් ඉල්ලීමක් කළා. අපිට තියෙන්නේ 9 සහ 13 කියන දින මාර්තු මාසයේ අපි අවසර ලබාදීම පිළිබඳව අධ්‍යයනය කරමින් හිටියේ.

මේ මොහොතේම කියන්න කැමැති, එදිනම හවස එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියා. ට්‍රිබියුටි රාජ්‍ය ආසන්නයේ තියෙන නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා දෙකක් ශ්‍රී ලංකාවේ මත්තල ගුවන්තොටුපළට පැමිණෙන්න අවසර දෙන්න කියලා. අපේ මේස උඩ තියෙනවා කඩදාසි දෙකක්. එකක් ඉරානය විසින් අපෙන් ඉල්ලා සිටිනවා. 09 සහ 13 මෙම නාවික යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වෙන්න අවසරය ලබා දෙන්න කියලා. අනෙක් පසින් එක්සත් ජනපදය අපෙන් ඉල්ලා සිටිනවා. නාවික හමුදාවට අයත් යුද ගුවන්යානා දෙකක් අපේ මත්තල ගුවන්තොටුපළට එන්න කියලා. මොකක්ද අපි ගන්න ඕන තීරණය.

අපි ඉතාමත් පැහැදිලි තීරණයක් ගත්තා. අපේ රට මධ්‍යස්ථභාවය ඒ වනවිටත් යුදමය සංඥාවන් පිළිබඳව සංඥාවන් මතුවෙලා තිබුණා. අපි ඒ දෙකටම අවසර ලබාදුන්නේ නෑ. ඒක තමයි මධ්‍යස්ථභාවය. මම අහනවා මෙතැනදී, විශේෂයෙන් මට මතකයි ඇයි ඉරාන නෞකාවලට දුන්නේ නැත්තේ කියලා. දුන්නා නම් මොකක්ද සිද්ධ වෙන්නේ.? අපේ මුළු මධ්‍යස්ථභාවයම ගිලිහෙනවා. අපි එක පාර්ශ්වයකට පක්ෂපාතීව කටයුතු කරනවා. එහෙම නැත්නම් අපි අනිත් පාර්ශ්වයට ඉඩ දෙන්න සිද්ධ වෙනවා. එහෙම නම් අපේ ඈත කලාපයෙන් තියෙන යුද ගැටුම මත්තලට සහ කොළඹ වරායට ළඟා වෙනවා. අපේ ඒ වැ‌ඩේ කළේ නැහැ. කුමන පීඩනය මධ්‍යයේ හෝ එය ආරක්ෂා කරලා තියෙනවා “යනුවෙන් ජනාධිපතිවරයා පවසන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top