බඩඉරිඟු ගෙන්වීමේ ගැටලුවක් හේතුවෙන්, ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමට සිය නිෂ්පාදන කටයුතු තාවකාලිකව නවතා දැමීමට සිදුව ඇතැයි වාර්තා වේ.
ත්‍රිපෝෂ නිපදවීම සඳහා අවශ්‍ය වන මෙට්‍රික් ටොන් 18,000 ක බඩඉරිඟු තොගයක් ආනයනය කිරීමට දැනටමත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතත් ආනයන පාලක ජනරාල්වරයා විසින් ඊට යම් සංශෝධන යෝජනා කිරීම නිසා එම ආනයන කටයුතු අතරමඟ නැවතී ඇති බව දැනගන්නට ඇත.
නව කැබිනට් පත්‍රිකාවක් ලබන 7 වැනි දා ඉදිරිපත් කිරීමෙන් පසු බඩඉරිඟු ගෙන්වීමේ අනුමැතිය ලැබෙනු ඇති බවත් ඉන් පසු නිෂ්පාදන නැවත ඇරඹෙන බවත් වාර්තා වේ.