මධ්‍යම මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.
බස් රථයක්, ට්‍රක් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී එම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අනතුරෙන් පුද්ගලයින් 18 දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් තිදෙනෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව සඳහන්.
පුද්ගලයින් 30කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ.