/ Oct 19, 2025

එක්සත් රාජධානියේ ඛේදවාචකයක් : ශ්‍රී ලාංකික තරුණියක් ඝාතනය වේ

එක්සත් රාජධානියේ, තරුණ ශ්‍රී ලාංකික කාන්තාවක් ඝාතනය කිරීමේ ඛේදජනක සිදුවීමක් වාර්තා වේ. මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස නම් කර ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසියට අනුව, ලන්ඩනයේ ඇෂ්ඩේල් පාරේ පිහිටි නිවසකින් පිහි ඇනුම් තුවාල සහිත 24 හැවිරිදි කාන්තාවකගේ සිරුර සොයාගෙන ඇත. හදිසි සේවා වහාම කැඳවා ඇතත්, ශ්‍රී ලාංකිකයෙකු ලෙස හඳුනාගත් මෙම කාන්තාව සිද්ධි ස්ථානයේදී මිය ගොස් ඇත.

ඝාතනය සම්බන්ධයෙන් සැකපිට එම ස්ථානයේදී, ශ්‍රී ලාංකික 26 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය තහවුරු කළේ මෙම දෙදෙනා එකිනෙකා හඳුනන බවයි.

මියගිය කාන්තාව එක්සත් රාජධානියේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක ශිෂ්‍යාවකි. ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඝාතනයට හේතුව මෙතෙක් පැහැදිලි නැති අතර, පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි. මෙම ඛේදජනක මරණය, අධ්‍යාපනය සහ රැකියා සඳහා ලන්ඩනයේ ජීවත් වන බොහෝ ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව තුළ කම්පනයක් ඇති කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top