/ Apr 30, 2025

ට්‍රම්ප් තවත් දරුණු වෙයි ; චීනයට සැරටම රිද්දයි

අමෙරිකාව විසින් චීන භාණ්ඩ සඳහා පැන වූ සමස්ත තීරු බදු ප්‍රතිශතය 145%ක් බව ධවල මන්දිරය පවසයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දා (9) නිවේදනය කළ චීනයෙන් ආනයනය කරන ලද භාණ්ඩ සඳහා පැන වූ 125%ක බද්ද සම්බන්ධයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සිදුකරමින් ඔවුන් මේ බව අනාවරණය කර ඇත.

එහි දැක්වෙන පරිදි ට්‍රම්ප් ප්‍රකාශයට පත්කර ඇත්තේ, චීනය සම්බන්ධයෙන් එතෙක් පැවති 20%ක බදු ප්‍රතිශතය නොමැති අගයයි.

ඒ අනුව චීනය සම්බන්ධයෙන් අමෙරිකාව අනුගමනය කරන නවතම බදු ප්‍රතිශතය 145%ක් දක්වා ඉහළ යන බව ධවල මන්දිරය තහවුරු කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top