/ Mar 12, 2025

මාස දෙකේ කිරි කැටියා මහ පාරේ දමා ගිහින්

අම්බලන්ගොඩ පොලිස් වසමේ මාදම්පාගම දේවගොඩ “මල් අල්ලිය” ආසන්නයේ නිවසක් ඉදිරිපිට තාප්පයක් අසල කුඩා බිළිඳෙකු දමාගොස් තිබිය දී සොයා ගෙන ඇත.

මෙසේ මහ මඟ අතැර ගොස් ඇත්තේ මාස දෙකක් පමණ වයස ඇති පිරිමි බිලිඳෙකු යි.

අද (10) උදේ 8.25ට පමණ මෙම ප්‍රදේශයේ කාන්තාවක් තාප්පය අසල සෙලවෙන යමක් දැක ඒ දෙස විපරම් කිරීමේ දී බිලිඳෙකු සිටින බව දැක ප්‍රදේශවාසින් දැනුවත් කර තිබේ.

පසුව අම්බලන්ගොඩ පොලීසියට ඒ බව දැනුම්දීමෙන් අනතුරුව පොලිසිය නිලධාරීන් බිලිඳා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

පොලිසිය පවසන්නේ බිලිඳා සාමාන්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.

බිලිඳා මාර්ගයේ දමා ගියේ කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top