/ Feb 05, 2025

එජාප -සජබ විශේෂ සාකච්ඡාවක් අද

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වෙන සාකච්ඡා වටයේ තවත් සාකච්ඡාවක් අද (28) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

අද රාත්‍රියේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබුණද මේ දක්වාත් අදාළ සාකච්ඡාව පැවැත්වෙන ස්ථානය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම ප්‍රකාශයට පත් කර නොමැත.

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව තරග කළ යුතු බවට සංවාදයක් මතුවීමත් සමග දෙපාර්ශ්වය සමග මෙම සාකච්ඡා ආරම්භ වී ඇති අතර ඒ අනුව අදාළ සාකච්ඡා වටයේ තුන්වන සාකච්ඡා වටය අද දිනයේ පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙහිදී මීට පෙර සාකච්ඡාවලදී යෝජනා වූ තීරණ පිළිබඳව පක්ෂ දෙකේ නායකයින් සමග සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් පිළිබඳව අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට නියමිත බවත් වාර්තා වේ.

සමගි ජන බලවේගයේ කණ්ඩායම අද පස්වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා සමග අදාළ යෝජනා සම්බන්ධව සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top