රාවණා ඇල්ල අභය භූමියේ පිහිටා ඇති නිල්දිය පොකුණ නැරඹීම තාවකාලිකව තහනම් කර තිබේ.
ඒ අනුව යළි නිල වශයෙන් නිල්දිය පොකුණ නැරඹීමේ අවස්ථාව විධිමත් ලෙස ආරම්භ කරන තෙක් එය නැරඹීම සඳහා ඇතුළුවීම සපුරා තහනම් බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඇතැම් පුද්ගලයින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිසි අවසරයකින් තොරව සංචාරකයින් නිල්දිය පොකුණ නැරඹීම සඳහා රැගෙන යන බැවින් මෙම තීරණය ගෙන ඇති අතර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කරන නිසි බලපත්‍රයක් නොමැතිව, නිල්දිය පොකුණ සංචාරක කටයුතු සඳහා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයෙකුගේ සහභාගීත්වයකින් තොරව කිසිදු සංචාරයකයෙක් එම ප්‍රදේශයට ඇතුළු නොකරන ලෙස දැනුම්දී තිබේ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රාවණා ඇල්ල අභය භූමියේ පිහිටා ඇති නිල්දිය පොකුණ විධිමත් රාජ්‍ය නියාමන ක්‍රමවේදයක් යටතේ සංචාරක කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් අදාළ නව නීති හා රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයක් ද පසුගියදා නිකුත් කර තිබුණි.
එම උපදෙස් උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව අදාළ නීති හා රෙගුලාසිවලට අනුව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ.





