තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී (50-60) දක්වා වැඩිවනු ඇති අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදන ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (04) පෙරවරු 10.30 දක්වා වලංගුය.






