ඇමරිකානු ප්‍රහාර හේතුවෙන් ඉරානයේ ගම්මාන 20ක 10,000ක පමණ ජනතාවට සම්පූර්ණ ජල සැපයුම ඇනහිට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයේ ජැස්ක් ප්‍රාන්තයේ වෙරළබඩ බන්ජි ගම්මානයේ ජල ලවණ ඉවත් කිරීමේ පොම්පවලට ඇමරිකාව පහර දී ඇති අතර ඒ හේතුවෙන් ගම්මාන 20කට ජල සැපයුම සම්පූර්ණ අඩාල වී තිබෙන බව හෝර්මොස්ගන් ජල හා අපජල සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හම්සේ පෝර් පවසා තිබේ.
ඇමරිකානු ප්‍රහාර හේතුවෙන් මුහුදෙන් ජලය ලබා ගැනීම සඳහා පොම්පාගාරයක් සහ බන්ජි ලවණ ඉවත් කිරීමේ කම්හලේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව සඳහන්.
මෙම තත්ත්වය මත අදාළ ගම්මාන දැඩි ජල හිඟයකට මුහුණ දී සිටින බවයි ඉරාන වාර්තා පෙන්වා දෙන්නේ.






