/ Jul 12, 2025

වයඹ සිසුවිය දිවි නසාගත්තේ ඇරියස්කාර ගුරුවරයෙක් නිසාද? ෆේස්බුක් සමූහයක ඍජු චෝදනාවක්!

වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි සංජීවනී කුමාරි නමැති සිසුවිය සිය නේවාසිකාගාරය තුළ සියදිවි නසාගැනීම මේ වන විට මහත් ආන්දෝලනයක් ඇති කර තිබේ.

ඇය මරණයට පත් වන විට දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටියා ය. කෙසේ වෙතත් මෙම සියදිවි නසාගැනීමට හේතුව විද්‍යාපීඨයේ සමහර කථිකාචාර්යවරුන්ගේ හිරිහැර හේතුවෙන් හටගත් චිත්තපීඩාව බවට වාර්තා පළ වේ.

ඇයගේ මිතුරියන් සමාජ මාධ්‍ය ඔස්සේ එවැනි සටහන් පළ කර තිබුණි.

“චූටි කාලේ ඉඳන් මල් වගේ අපිව හදලා විද්‍යාපීඨ තේරිලා මගේ කෙල්ල කියලා හරි උජාරුවෙන් මේ තැනට එයාලා අපිව එවන්නේ පංසලකට කියලා හිතලා. ඉතින් ඔව්. එහෙම තැන් වෙන්න ඕන වුණත් අවාසනාවකට එහෙම වුණේ නැහැ. වචනයක් වැරදෙන තැන තනතුරු හිස් මුදුනේ තියන් මානසිකව වධ දෙනවා. අපේ කතා දන්නෙත් අපිමයි. තනතුරුවලට එන්න ඕනේ ජිවිතේ ඇරියස් නැති මිනිස්සු. හැඟීම් දැනෙන මිනිස්සු.”

අවසානාවන්ත මෙම සිදුවීම සිදුව ඇති මොහොතේත් රෝහල වෙත ගෙන යෑම ප්‍රමාද වූ බවත් කියැවේ. කෙසේ වෙතත්, එම විද්‍යාපීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසු-සිසුවියන් ඊයේ (24) රාත්‍රි කාලය තෙක් නිහඬ විරෝධයක නියැලී තිබුණි.

බොහෝ දෙනා පවසන්නේ, රජය මැදිහත්වී මෙම සිදුවීමට අදාළව විධිමත් විමර්ශනයක් පැවැත්විය යුතු බවයි.

ඒ අතර විද්‍යාපීඨ හෙල්ප් නම් ෆේස්බුක් සමූහයක සිදුවීමට ඍජුව වගකිවයුතු අයෙකු බව කියමින්, එහි ගුරුවරයෙකු යැයි කියන අයෙකුට ඍජුව ම චෝදනා එල්ල කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top