/ Nov 13, 2025

කෙහෙළිය,සනත් නිශාන්ත,දිළුම් සහ සම්බන්ධන්ගේ සැප නිල නිවාසවලට වෙන්න යන දේ!

අධිකරණයේ ගොඩගැසී ඇති නඩු කඩිනමින් අවසන් කිරීම සදහා අළුත් මහාධිකරණ හතරක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

වැඩබලන කැබිනට් ප්‍රකාශක විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව ඊයේ (28) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

මෙම මහාධිකරණ ස්ථාපිත කිරීම සදහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ පාලනය යටතේ පවතින ගොඩනැගිලි හතරක් වෙන්කර ඇති බවත් ඒ අනුව එම ස්ථානයන් පිළිබඳවද අමාත්‍යවරයා එහිදී අනාවරණය කරන ලදී.

ඒ අනුව, නව මහාධිකරණ හතර ස්ථාපිත කිරීමට නියමිතව ඇත්තේ, හිටපු අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, සනත් නිශාන්ත, දිළුම් අමුණුගම සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්බන්ධන් මහතා භාවිතා කළ නිල නිවාසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top