නාරහේන්පිට, දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයේ ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට ගිනි නිවන රථ 13ක් පිටත්කර යවා තිබේ.
අදාළ නිවාස සංකීර්ණයේ පස්වන මහලේ මෙම ගින්න හටගෙන තිබුණු අතර, ඉහළ මහල්වල සිරවී සිටින ජනතාව මුදාගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර ඒ සඳහා skylift වාහන දෙකක් ද එම ස්ථානයට පිටත් කර යවා ඇතැයි සඳහන්.
ගින්න හට ගැනීමත් සමඟ පිටවීමේ දොරටු සිරවී ඇති බැවින් ඉහළ මහල්වල සිරවී සිටින ජනතාව මුදාගැනීම දුෂ්කර වී ඇති හෙයින් මෙම skylift වාහන භාවිත කරමින් සිරවී සිටින පිරිස මුදාගැනීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.





