/ Jan 23, 2026

විමල්ගේ වරෙන්තුව යළි කැඳවයි!

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට භාරවීමෙන් පසුව එම වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

රුපියල් මිලියන 75 කට අධික වත්කම් අයතා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඔහුට එරෙහිව ගොණු කර තිබූ නඩුවක් අද (14) පෙරවරුවේ කැඳවූ අතර ඊට විත්තිකරු ලෙස හිටපු අමාත්‍යවරයා පෙනී නොසිටීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කරන ලදී.

අනතුරුව විමල් විරවංශ සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වී තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top