ශ්‍රී ලංකාවේ සිදුවූ දරුණුතම පාරිසරික විනාශය වන MV X-Press Pearl නෞකාවේ අනතුරට අදාළව බිලියනයක් වන්දි ගෙවන ලෙස ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගයට අනුව වන්දි ගෙවීම සිංගප්පූරු නෞකා සමාගම වන X-Press Feeders නම් සමාගම විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
AFP පුවත් සේවයට අනුව අදාල සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පවසා ඇත්තේ, මෙම මුදල ගෙවීම ජාත්‍යන්තර නාවික කර්මාන්තයට පුළුල් බලපෑමක් ඇති කරනු ඇති බවත්, එමගින් “වැරදි පූර්වාදර්ශයක්” ඇති විය හැකි බවත්ය.
2021 ජූනි මාසයේදී කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමකට ලක්වූ MV X-Press Pearl නෞකාව, සති දෙකක් පමණ ඇවිලී ගිය ගින්නකින් පසුව මුහුදුබත් විය.
මෙම ගින්න නයිට්‍රික් අම්ල කාන්දුවක් නිසා ඇති වූවක් බවට විශ්වාස කෙරේ. එහි භයානක භාණ්ඩ බහාලුම් 81ක් ද, අම්ල සහ lead ingots ද, ප්ලාස්ටික් පෙති ටොන් සිය ගණනක් ද අඩංගු විය.
මෙම නෞකාව ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට පැමිණීමට පෙර, කාන්දු වන නයිට්‍රික් අම්ල ඉවත් කිරීම සඳහා කටාර් සහ ඉන්දියානු වරායන්ගෙන් අවසර ඉල්ලූවද, එය ප්‍රතික්ෂේප කර තිබුණි.
නෞකාවෙන් මුහුදට මුසු වූ ක්ෂුද්‍ර ප්ලාස්ටික් කැබලි ටොන් ගණනක් ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයේ කිලෝමීටර් 80ක් (සැතපුම් 50ක්) පුරා පැතිරී ගියේය. එමගින් මාස ගණනාවක් පුරා ධීවර කටයුතු තහනම් කිරීමට ද සිදු විය.