කොම්පඤ්ඤ වීදියේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක ඇතිවූ ගැටුමට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනා අප්‍රේල් 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, සැකකරුවන් අද (27) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අදාළ සැකකරුවන් ඊයේ (26) කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට භාරවූ සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.
එම ගැටුම සම්බන්ධයෙන් පසුගිය දා (25) යෝෂිත රාජපක්ෂ ද කොම්පඤ්ඤ වීදිය පොලීසිය හමුවේ පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදී තිබුණි.
ගැටුමින් අදාළ ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරියෙකු පහරකෑමට ලක් වූ අතර ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගෙන තිබුණි.