/ Jul 28, 2026

රඛිත, චරිත් ඇතුළු තිදෙනාට ඇප!

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා වන නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ හිටපු ආසන සංවිධායක ලෙස කටයුතු කළ චරිත් අබේසිංහ සහ සිවිල් ගුවස්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන තිදෙනාම ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක නොහොත් හරක්කටා නැමැත්තාගේ බිරිඳගෙන් සැකකරුවන් රුපියල් ලක්ෂ 1,200ක අල්ලසක් ලබා ගත් බවට ලද චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

සාධාරණ ඇප කොන්දේසි ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා ඔවුන්ට රක්ෂිත බන්ධනාගාර ගතව සිටීමට සිදුවූ අතර අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන්ට ඇප ලැබී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top