2026 ජාත්‍යන්තර ත්‍රස්ත විරෝධී සම්මන්ත්‍රණය ඊයේ (04) චීනයේ ෂින්ජියැං උයිගුර් ස්වායත්තයේ දී පැවැත්විය.
“ත්‍රස්තවාදයේ නව අභියෝගවලට මුහුණ දීම: ජාතික වගකීම ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව ගොඩනැගීම” එහි තේමාව වී තිබූ අතර
චීන විදේශ අමාත්‍යාංශය ඇතුළු අදාළ දෙපාර්තමේන්තුවල නියෝජිතයින් මෙන්ම, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, රුසියාව සහ අප්‍රිකානු සංගමය ඇතුළු රටවල් සහ කලාපීය ජාත්‍යන්තර සංවිධාන 24කින් පැමිණි 100කට අධික අමුත්තන් පිරිසක් ඊට එක් ව සිටියහ.
චීන ජනාධිපති ෂී ජින් පිංගේ ගෝලීය සංවර්ධන මුලපිරීම, ගෝලීය ආරක්ෂක මුලපිරීම, ගෝලීය ශිෂ්ටාචාර මුලපිරීම සහ ගෝලීය පාලන මුලපිරීම, ත්‍රස්තවාදයට එරෙහි මූලික විසඳුම් ගවේෂණය කිරීම සඳහා වැදගත් මග පෙන්වීමක් සපයන බව චීන නියෝජිතයින් එහිදී පෙන්වා දී ඇත.
ත්‍රස්තවාදයට එරෙහි සංකල්ප, යෝජනා, අත්දැකීම් සහ ජයග්‍රහණ සම්පූර්ණයෙන්ම බෙදා ගැනීමටත්, ත්‍රස්තවාදයේ තර්ජන සහ අභියෝග ඒකාබද්ධව විසඳීම සඳහා සියලු පාර්ශ්වයන් සමග එක්ව කටයුතු කිරීමටත් චීනය කැමැත්තෙන් සිටින බව ද සඳහන් විය.
සමුළුව අතරතුර, සහභාගී වූවන් ත්‍රස්තවාදයට සහ අන්තවාදයට එරෙහි ෂින්ජියැංහි සටන පිළිබඳ ප්‍රදර්ශනයක් නැරඹීමට ද එක් වූ අතර චීනයේ ෂින්ජියැං උයිගුර් ස්වායත්තය ත්‍රස්තවාදයට එරෙහි සහ අන්තවාදය තුරන් කිරීමේ ප්‍රයත්නයන්හිදී කැපී පෙනෙන ප්‍රතිඵල අත්කර ගෙන ඇති බවත්, එම පුළුල් ප්‍රවේශය ජාත්‍යන්තර ප්‍රජාවට ආදර්ශයක් ලෙස යොදා ගත හැකි බවත් විදේශීය නියෝජිතයින් පෙන්වා දී තිබේ.






