ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ නැංගුරම්ලා තිබෙන ඉරානයේ ‘IRIS Bushehr’ නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් 204 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරක්ෂිතව කොළඹ වරායට රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
මූලික වෛද්‍ය පරීක්ෂණවලින් පසුව ඔවුන්ව වැලිසර නාවික හමුදා කඳවුරට රැගෙන යාමට නියමිත බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.
අදාළ නෞකාවේ 208ක කාර්ය මණ්ඩලයක් සිටි බව සඳහන්.
නෞකාවේ කාර්ය මණ්ඩලය රටට ඇතුල් කරගැනීමෙන් අනතුරුව මෙම නෞකාව ත්‍රිකුණාමල වරායට රැගෙන යාමට නියමිතයි.
මේ සම්බන්ධයෙන් ඊයේ (05) රාත්‍රියේ ජනාධිපති අනුර කුමාර දිසානායක විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සවිස්තර පැහැදිලි කිරීමක් සිදුකරන ලදී.





