/ Aug 28, 2026

කබරගල ”නවෝදයාගම” නිවාස 50 ජනපති ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට!

2023 මාර්තු 19 වනදා සිදු වූ නායයෑමෙන් නිවාස අහිමිව, වසර තුනහමාරකට ආසන්න කාලයක් වසා දැමූ තේ කර්මාන්තශාලාවක අතිශය දුෂ්කර තත්ත්වයන් යටතේ ජීවත් වූ කබරගල පවුල් 50කට අද (28) නව නිවාස හිමිකම ලැබීමට නියමිතයි.

ඒ අනුව “නවෝදයාගම ” නව නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකළ නිවාස 50ක් අද (28) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් වනු ඇති.

මෙම ව්‍යාපෘතිය යටතේ සෑම පවුලකටම පර්චස් 10ක ඉඩම් කට්ටියක් සහ වර්ග අඩි 550කින් යුත් අංගසම්පූර්ණ නිවසක් ලබාදී ඇත.

නිදන කාමර දෙකක්, සාලයක්, මුළුතැන්ගෙයක් සහ නාන කාමරයකින් සෑම නිවසක්ම සමන්විත අතර නිවස සහ ඉඩම ලබාදීමෙන් ඔබ්බට ගොස් නව ජීවිතයක් ආරම්භ කිරීමට අවශ්‍ය ගෘහ භාණ්ඩ, මුළුතැන්ගෙයි උපකරණ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රුපියල් 175,000ක පමණ වටිනාකමකින් යුතුව සෑම පවුලකටම ලබාදීමට ද කටයුතු කර තිබෙනවා.

වසර ගණනාවක් අනාරක්ෂිත පරිසරයක ජීවත් වීමට සිදුවූ පවුල් 50කට ආරක්ෂිත නිවසක්, තමන්ගේම ඉඩමක් සහ අභිමානයෙන් යුතුව නව ජීවිතයක් ආරම්භ කිරීමට අවශ්‍ය මූලික පහසුකම් ලබාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන රජයේ ප්‍රතිපත්තිය යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මගින් මලයගම් ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම සඳහා සුවිශේෂී මැදිහත්වීමක් සිදුකර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top