/ Aug 28, 2026

ශ්‍රී ලංකාවෙන් නේපාලයට ඩොලර් මිලියනයක මානුෂීය ආධාර!

නේපාලයේ ඇති වූ අනපේක්ෂිත ලෙස විනාශකාරී ගංවතුර සහ නාය යෑම් ආපදාව හමුවේ නේපාල ජනතාව වෙත ශ්‍රී ලංකාවේ සහයෝගය පෙන්නුම් කරමින් ඇමරිකානු ඩොලර් මිලියනක මූල්‍ය ආධාරයක් ලබා දීමට තීරණය කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි එම කටයුතු සිදුවන අතර ශ්‍රී ලංකාව සහ නේපාලය අතර සමීප සහ දිගුකාලීන මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ බැඳීම සිහිපත් කරමින් මෙම හදිසි ව්‍යසනයේදී ශ්‍රී ලංකාව නේපාල ජනතාව සමඟ ශක්තිමත්ව අත්වැල් බැඳගන්නා බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

ඒ අනුව ගංවතුර සහ නාය යෑම්වලින් පීඩාවට පත් ප්‍රජාවන්ට ක්ෂණික සහන සහ මානුෂීය ආධාර සඳහා සහය වීම මෙම මූල්‍ය දායකත්වයේ අරමුණයි.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, නේපාල විදේශ කටයුතු අමාත්‍ය ෂිසිර් ඛනාල් සමඟ සංවාදයක යෙදෙමින් නේපාලය මුහුණ දුන් මෙම ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳ ශ්‍රී ලනක්වේ ශෝකය පළකරමින් ශ්‍රීලංකාව විසින් නේපාලයට දක්වන සහය පිළිබඳ දැනුම් දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top