/ Jul 09, 2026

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 71කට ඩෙංගු.5ක් රෝහලේ. දේශන ඔන්ලයින් හා හයිබ්‍රිඩ් ක්‍රමයට!

ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ පීඨ කිහිපයක් දේශන කටයුතු පමණක් ඔන්ලයින් සහ හයිබ්‍රිඩ් ක්‍රමයට සිදුකිරීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තීරණය කර තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 71ක් දෙනෙකුට ඩෙංගු වැලඳී ඇති අතර, සිසුන් 5 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා පවසන්නේ.

වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් බහුතරයක් ශාස්ත්‍ර පීඨයේ වන බැවින් ඔවුන්ගේ අධ්‍යන කටයුතු පිළිබඳව අවධානය යොමුකරමින් සතියක කාලයක් පීඨ කිහිපයක දේශන කටයුතු පමණක් ඔන්ලයින් සහ හයිබ්‍රිඩ් ක්‍රමයට සිදුකිරීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තීරණය කළ බවද උපකුලපතිවරයා සඳහන් කළේය.

ඩෙංගු ව්‍යාප්තිය හමුවේ විශ්වවිද්‍යාලය මඟින් එම තත්ත්වය පාලනයට පියවර ගණනාවක් ගෙන ඇති බවත්, රෝහල්ගත කළ සිසුන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තරයෙන් පරීක්ෂා කරමින් කටයුතු කරන බවද මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා කියාසිටියි.

ඩෙංගු වැලඳීම තුළ විවේකය අත්‍යාවශ්‍ය කරුණක් වන බැවින් මෙලෙස දේශන ඔන්ලයින් ක්‍රමයට සිදුකිරීමට තීරණය කළ බවද ඒ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් දැනට විශ්වවිද්‍යාලය තුළ පවතින තත්ත්වය පාලනය කර ඇති බව ඔහු පවසයි.

මෙම තත්ත්වය තුළ කිසිදු ආකාරයකින් විශ්වවිද්‍යාලය වසා දැමීමක් සිදුව නොමැති බවද උපකුලපතිවරයා අවධාරණය කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top