මහනුවර යාපනය A9 මාර්ගයේ කොඩිකාමම් පොලිස් වසමේ දී ටිපර් රථයක් හා යතුරුපැදියක් ගැටී සිදු වූ රිය අනතුරකින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
ඊයේ (10) රාත්‍රී 7ට පමණ ආසපුල්ලේ ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.
මාර්ගය අයිනේ නවතා තිබූ යතුරුපැදියක් මත එහි පැදිකරු සිටි අවස්ථාවේදී, යාපනය දෙස සිට වව්නියාව දෙසට ධාවනය වූ ටිපර් රථය ගැටී තිබේ.
ටිපර් රථ රියදුරු යතුරුපැදියේ සිය රථය ගැටීම වැළැක්වීමට තිරිංග ක්‍රියාත්මක කරන අවස්ථාවේ, ඊට පිටුපසින් එම දිශාවටම පැමිණි කූලරය සහිත ලොරි රථයක් ටිපර් රථයේ පිටුපස ගැටී ඇත.
ඒ හේතුවෙන් ටිපර් රථය ගොස් නවතා තිබූ යතුරුපැදියේ ගැටී ඇති අතර, කූලරය සහිත ලොර් රථය ද ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කාර් රථයකද ගැටී ඇති අතර අනතුරුව යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා චාවකච්චේරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 37 වන කරම්පහම් ,මරුසුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එමෙන්ම ටිපර් රථයේ රියදුරු, කූලරය සහිත ලොරි රථයේ රියදුරු, එම රථයේ රිය සහායක, කාර් රථයේ රියදුරු සහ ඔහුගේ පුත්‍රයා තුවාල ලබා ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර ඇති බව වැඩිදුර වාර්තා වෙයි.