සුබසාධක ප්රතිලාභ මණ්ඩලය විසින් ක්රියාත්මක කරනු ලබන ‘අස්වැසුම’ ප්රතිලාභීන් තෝරාගැනීමේ වැඩසටහනේ නව ක්රමවේදය යටතේ ප්රතිලාභීන් 1,391,830 දෙනෙකු ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
2025.12.15 දිනැති අංක 2497/03 දරන රජයේ ගැසට් නිවේදනයට අනුව, අස්වැසුම ප්රතිලාභ යෝජනා ක්රමය යටතේ මින් ඉදිරියට මුදල් ගෙවීම් සිදු කරනු ලබන්නේ ‘අන්ත දිළිඳු’ සහ ‘දිළිඳු’ යන කාණ්ඩ දෙක සඳහා පමණක් වන අතර ඒ අනුව තොරතුරු යථාවත් කිරීමෙන් පසු, මාසිකව රුපියල් 17,500ක දීමනාව හිමිවන අන්ත දිළිඳු කාණ්ඩය සඳහා ප්රතිලාභීන් 363,142ක් සහ මාසිකව රුපියල් 10,000ක දීමනාව හිමිවන දිළිඳු කාණ්ඩය සඳහා ප්රතිලාභීන් 628,658ක් ලෙස පළමු ලේඛනය යටතේ සමස්තයක් වශයෙන් 991,800ක පිරිසක් සුදුසුකම් ලබා ඇත.
මේ අතර එළඹෙන දෙසැම්බර් මාසයේදී නිකුත් කිරීමට නියමිත දෙවන නාම ලේඛනය සඳහා පවුල් 740,127ක් පමණක් තෝරා ගැනීමට නියමිත බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.
වත්මන් සුදුසුකම්ලාභීන්ගේ නාම ලේඛනය මේ වනවිට සියලුම ප්රාදේශීය ලේකම් කාර්යාලවල සහ ග්රාම නිලධාරී වසම් කාර්යාලවල දැන්වීම් පුවරුවල ප්රදර්ශනය කර ඇත.
මෙම ලේඛනය සම්බන්ධයෙන් යම් අභියාචනයක් හෝ විරෝධතාවක් පවතින්නේ නම්, හෙට (29) දින සිට නොවැම්බර් මස 11 වනදා දක්වා ඒ සඳහා ඉදිරිපත් වීමට මහජනතාවට අවස්ථාව සලසා දී තිබෙන අතර තොරතුරු යථාවත් කිරීමේ ක්රියාවලියෙන් අනතුරුව, සුදුසුකම් ලබන නව ප්රතිලාභීන්ගේ දෙවන නාම ලේඛනය ලබන දෙසැම්බර් මාසයේදී ප්රසිද්ධ කිරීමට සුබසාධක ප්රතිලාභ මණ්ඩලය අපේක්ෂා කරයි.





