/ Aug 11, 2025

විදෙස් කතකගේ සිරුරක් බෙන්තර වෙරළට ගොඩ ගසයි

අලුත්ගම මොරගල්ල වෙරළ තීරයට දිය නෑම සඳහා ගිය විදෙස් ජාතික කාන්තාවක් අද (11) දීයේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

වයස අවුරුදු 48ක් වන වියට්නාම ජාතික කාන්තාවක් මෙලෙස මියගොස් ඇති බව වාර්තා වෙයි.

අදාළ කාන්තාව තවත් පිරිසක් සමඟ මොරගල්ල වෙරළ තීරයේ විනෝද වෙමින් සිට ඇති අතර එහිදී ඇය දිවැලකට හසුව ගසා ගෙන ගොස් ඇත.

කෙසේ වෙතත් මේ වන විට ඇයගේ දේහය බෙන්තර වෙරළ තීරයට ගොඩ ගසා ඇති බව පොලීසිය සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top