බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට (07) යෙදී තිබේ.
භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම, තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසින් ගිරිහඩු සෑය ඉදි කිරීම, සේරුවාවිල මහ සෑය ඉදි කිරීම ආදී බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් සිදු වුණ පොහොය දිනයක් ලෙස බිනර පොහොය දින සැලකේ.
මේ අතර බිනර පුරපසළොස්වක පොහොය වෙනුවෙන් දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්ථානවල දී අද දිනයේ ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ආගමික වැඩසටහන් සංවිධාන කර තිබේ.