ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී අද (10) සවස 3:30ට පැවැත්වීමට නියමිතයි.
මෙම පනත් කෙටුම්පත මගින් 1986 අංක 4 දරන ජනාධිපතිගේ වරප්‍රසාද පනත සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට යෝජනා කරයි. මෙය සම්මත වුවහොත්, හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ වැන්දඹුවන්ට දැනට හිමිවන රාජ්‍ය වියදමින් සපයන නිවාස, මාසික දීමනා, ලේකම්වරුන් සඳහා වන දීමනා, නිල වාහන සහ වෙනත් පහසුකම් අහෝසි වනු ඇත.
පනත් කෙටුම්පතෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට පෙත්සම් කිහිපයක් ගොනු කර තිබුණද, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට තීරණය කර ඇත. එම නිසා, එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවයි දැනුම් දී ඇත්තේ.
කෙසේ වෙතත්, මෙම පනත මගින් හිටපු ජනාධිපතිවරුන්ට ලැබෙන විශ්‍රාම වැටුපට කිසිදු බලපෑමක් සිදු නොවේ. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ආරක්ෂිත බැවින් දිගටම හිමි වනු ඇති.