ඊයේ (10) දින පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයෙන් සම්මත කරගත් හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පණතට පසුව නිල නිවාස අහිමි වීම හේතුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විජේරාම මාවතේ පිහිටි නිල නිවසෙන් ඉවත් ව ගොස් තිබේ.
හිටපු ජනපතිවරයා හමුවීම පිණිස පිරිසක්ද පැමිණ සිටි අතර, අද (11) දහවල් එකයි තිහට පමණ හිටපු ජනපතිවරයා ඔහුගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ සමගින් තංගල්ල පිහිටි නිවස වෙත නික්ම ගියේ ය.
මෙම නිවස නැවත බාර නොදෙන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කිහිප අවස්ථාවකදී පවසා සිටියේ හිටපු ජනපතිවරයා නිල නිවසෙන් ඉවත්ව නොයන බවයි.