/ Oct 27, 2026

නාමල්ට එරෙහිව අධිචෝදනා ගොණු වෙයි – හෙට ස්ථිර මහාධිකරණයට ඉදිරිපත්කරන ලෙස නියෝග!

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අධිචෝදනා ගොනු කර ඇතැයි අල්ලස් කොමිසම අද (27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අනුව එම නඩුකරයට අදාළව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා හෙට (28) දින කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (27) නියම කළේය.

ඒ පිළිබඳ වාර්තාව මේ මස 30 වැනිදා තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළ අතර
සැකකරු එම අධිකරණයට ඉදිරිපත් කරන තෙක් රඳවා තබා ගන්න ලෙසත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top