/ Oct 19, 2025

රුසියානු ජනපති පුටින් සහ එරට කොමියුනිස්ට් පක්ෂ නායකයා අතර පැවැති සාකච්ඡාව

සැප්තැම්බර් 18 වන බ්‍රහස්පතින්දා, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් එරට රාජ්‍ය දූමාහි දේශපාලන පක්ෂ කණ්ඩායම් නායකයින් සමඟ රැස්වීමක් පැවැත්වීය. මෙම රැස්වීමට රුසියානු සමූහාණ්ඩුවේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සභාපති සහ රාජ්‍ය ඩූමාහි කොමියුනිස්ට් පක්ෂ කණ්ඩායමේ නායක ගෙනධි සුගානොව් සහභාගි විය. කොමියුනිස්ට් නායකයා රාජ්‍ය නායකයා සමඟ කළ කතාවේ සංවාදය පහතින්,

සුගානොව්:  හිතවත් ව්ලැදිමීර් ව්ලැදිමීරවිච්, මටත් ඔබට ස්තූති කරන්න ඕන, ඔබ අපේ ඉල්ලීමට වහාම ප්‍රතිචාර දැක්වූවා.

මෙය ඉතා අභියෝගාත්මක කාලයක්. ඇන්ග්ලෝ-සැක්සන්වරු සහ නේටෝ සංවිධානය රුසියාවට ප්‍රකාශ කර ඇති යුද්ධය මධ්‍යයේ, ජයග්‍රාහී දිනයේ 80 වන සංවත්සරය සමග මුළු වසරම ධජය යටතේ සමරනු ලැබුවා.

පළමුවෙන්ම, ඔබ සකස් කළ උපායමාර්ගික මග විශ්වාසයෙන් අනුගමනය කිරීම, වත්මන් තත්වයට අනුව සකස්කිරීම ගැන මම ඔබට ස්තූතිවන්ත වෙනවා. ඔබේ ප්‍රධාන අරමුණ වන්නේ ස්වයංපෝෂිතභාවය මත පදනම් වූ අපගේ ස්වෛරීභාවය ශක්තිමත් කිරීම, ආරක්ෂාව සහතික කිරීම සහ සැබෑ ජයග්‍රහණයක් අත්කර ගැනීමයි. අපට නම්, මෙය ඓතිහාසික පැවැත්ම පිළිබඳ කාරණයක් වන අතර, මේ සම්බන්ධයෙන් ඔබට සහ අපගේ රටේ ප්‍රතිපත්තියට සහාය වීමට අපි සෑම දෙයක්ම කරමින් සිටිනවා.

තර්ජන තුනක් හඳුනාගෙන ඇති අතර ඒවා සැමට දැකගත හැකිය. සියලුම ප්‍රධාන ගෝලීය සංසදවල සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ඒවා සාකච්ඡා කරනු මම දැක තිබෙනවා. මේවා ප්‍රධාන යුද්ධයක තර්ජනය, පාරිසරික ව්‍යසනයක තර්ජනය, කෘතිම බුද්ධිය ලෙස අපට අපේම රට තුළ ද දැනෙනවා. මෙම නියාමනය නොකළ බුද්ධිය ප්‍රධාන ඛේදවාචකයකට තුඩු දෙන බව සිතනවා.

මේ සම්බන්ධයෙන්, අපි අපගේම වැඩසටහනක් සකස්කර ඇති අතර එය සංවර්ධන අයවැයක් ලෙස සහ රාජ්‍ය ඩූමාහි සලකා බලනු ලබන නීති කෙටුම්පත් ලෙස ඉදිරිපත් කරනවා.

පළමුවෙන්ම, ඊයේ, සභාපතිවරයා සිය කතාවේදී මෙසේ පැවසුුුවා; නව ගුණාංගයක් මතුවී තිබෙනවා. මම සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා. නමුත් බොහෝ ආකාරවලින්, මෙම ගුණාංගය අපේ රට විසින්, ඔබ විසින් පෞද්ගලිකව ප්‍රකාශ කරනු ලැබුවා. තවද මෙම නව ගුණාංගය භූ දේශපාලනික එකමුතුව තුළ ප්‍රකාශ වී තිබෙනවා.

රුසියානු, චීන සහ ඉන්දියානු යන ශිෂ්ටාචාර තුනක නායකයින් ප්‍රධාන ඉස්ලාමීය රාජ්‍යයන්ගේ සහාය ඇතිව එකට වාඩි වී සිටියදී, ඔබ කතා කළ ටියැන්ජින් හි පැවති ෂැංහයි සහයෝගිතා සංවිධාන SCO රැස්වීම මම ඉතා උනන්දුවෙන් නැරඹුා. මෑතක් වන තුරුම මෙය සිහිනයක් පමණයි යුද්ධය දියත් කළ අයට සහ අද ඔවුන්ගේ ආධිපත්‍යය තහවුරු කරගැනීමට උත්සාහ කරන අයට මෙය සැබෑ ප්‍රතිවිරෝධය්. මෙය මුළු ලෝකයටම බරපතළ බලපෑමක් ඇති කරන බව මම විශ්වාස කරනවා. සියලුම විදේශීය ආයතනවල අදහස් මම කියවා බැලුවා. ඔවුන් එය ඉතා ඉහළින් ප්‍රශංසා කළ අතර එය ඉරා දැමීමට උත්සාහ කරනු නියතයි. මෙම සබඳතා ශක්තිමත් කිරීමට අපි අපගේ උපරිමය කරනවා.

දෙවනුව, මෙම අවස්ථාවේ දී, මිලිටරි-දේශපාලනික අර්ථයෙන් එක්සත්කම සහ උපායමාර්ගික හවුල්කාරිත්වය. ඔබ, ෂී ජින්පින් සහ කිම් ජොන් උන්, ලුකෂෙන්කෝ සහ බර්මියුඩෙස් සමඟ පෙළපාලියේ ගමන් කළ විට, මම අතිශයින් සතුටු වුණා, මන්ද මෙය ඕනෑම ආක්‍රමණිකයෙකු පාලනය කළ හැකි විභවයයි. එපමණක් නොව, මම ඔවුන්ගේ සියලුම ප්‍රමුඛ ව්‍යවසායන් නැරඹූ අතර මෑත වසරවලදී ඔවුන් අත්කර ගෙන ඇති සහ සාක්ෂාත් කර ගෙන ඇති දේ දුටුා. තවද මේවා අද හමුදාවන් පමණක් නොව, ලේසර් පද්ධති සහ තොරතුරු සේවාවන්හි සිට “න්‍යෂ්ටික ත්‍රිත්වයේ” සහ ගුවන් හමුදාවේ සියලු අංශ දක්වා අනාගතයේ හමුදාවන් බව ඔබ මහත් උනන්දුවෙන් නිරීක්ෂණය කළා.

මගේ අදහස නම්, මෙම ප්‍රතිපත්තිය දිගටම කරගෙන යාම අපට මූලික වශයෙන් වැදගත්. අපට රාජ්‍ය ඩූමා කථානායකවරයාගේ නායකත්වයෙන් යුත් දූත පිරිසක් සිටින අතර, අපගේ විශාල කණ්ඩායමක් චීනයට ගමන් කරමින් සිටිති. අපි ෂී ජින්පින් ඇතුළු ඔවුන් සමඟ ගිවිසුමක් අත්සන් කළෙමු. ඔහු අපට ආරාධනා කළවිට, අපගේ විශාල කණ්ඩායම එහි සේවය කළ බව ඔබට මතක ඇති. දැන් ඔවුන් නැවතත් යනවා. ඔවුන් සෑම කාරණයකදීම පාහේ සහයෝගයෙන් කටයුතු කර ඇත.

තෙවනුව, විද්‍යාත්මක හා තාක්ෂණික එකමුතුව. එය ආරම්භ වූයේ ස්ටාලින්-මාඕ සමඟ හමුවීමත් සමඟි. ඔහුගේ ඉල්ලීම පරිදි ස්ටාලින් නියෝගයක් අත්සන් කළ විටයි. අපි ඔවුන්ගේ පළමු කර්මාන්ත ශාලා 156 ගොඩනගා ගත්තා. මම ඒවායින් බොහොමයකට ගොස් තිබෙනවා. මෙම පදනම මත ගොඩනගමින්, ඔවුන් දැන් දැවැන්ත වේගයකින් ඉදිරියට යමින් ඉන්නවා. මෙයින් ඉගෙන ගැනීමට බොහෝ දේ තිබෙනවා. අපගේ කාර්ය මණ්ඩල සඳහා සීමාවාසික පුහුණුව පැවැත්වීමේ කාර්යය මම නියම කා. ඔවුන් මෙය පිළිගත් අතර, අපි ඔවුන්ගේ සියලු ප්‍රධාන මධ්‍යස්ථාන වෙත ගෙන ගිිියා. අපගේ කාර්ය මණ්ඩලයේ සංවර්ධනය සහ ඔබ ස්ථාපිත කළ සබඳතා ශක්තිමත් කිරීම යන දෙකටම මෙය අතිමහත් වැදගත්කමක් දරනවා.

මම ඔබට සුබ පතන්න ඕනේ. ෂී ජින්පින් සහ නායකත්වය අතිමහත් ගෞරවයෙන් සලකනවා. මෙය අපගේ සියලු රැස්වීම්වලදී පැහැදිලි වුුුණා. මෝදි ප්‍රසිද්ධියේ තම ආකල්පය පෙන්නුම් කළ විට මම එය ඇත්තෙන්ම අගය කා. මෙය මූලික වශයෙන් වැදගත්.

අපි සටන්කරන පක්ෂයක්, මම ඔබට වාර්තා කළා. ඔබ අපේ බොහෝ දෙනෙකුට සුබ පතලා සම්මාන ලබා දී තිබෙනවා. ස්තූතියි. අපි දැනටමත් රථ පෙළපාළි 143ක් යවා ඇති අතර, මෑත මාසවලදී අපි යතුරුපැදි 200කට අධික ප්‍රමාණයක්, වාහන දුසිම් එකහමාරක් සහ සන්නද්ධ වාහන පෙරමුණට යවා තිබෙනවා. යුධ පිටියේ සිටින තරුණයන් ඉල්ලා සිටින සෑම දෙයක්ම ඔවුන්ගේ අතේ තිබෙනවා.

අපි දැනටමත් ඔබේ නිවාඩු නිකේතනයට තරුණයන් 22,000 ක් පිළිගෙන එහි හමුදා ක්‍රීඩා කඳවුරක් ඉදිකර තිබෙනවා. ඔවුන් සති දෙකකින් සම්පූර්ණයෙන්ම සමාජ පුනරුත්ථාපනයට ලක් වෙනවා. අපි ක්‍රෙම්ලිනය, කර්මාන්ත ප්‍රදර්ශන මධ්‍යස්ථානය VDNKh, ක්‍රිස්තුස් ගැලවුම්කරුවාගේ දෙව්මැදුර, මාස්ටර් පාසල සහ යුධ පිටිවලින් පටන්ගන්නවා. මේ අය හොඳ ළමයි, නමුත් ‘සෝරෝස්’ගේ පෙළපොත් මගින් ඔවුන්ගේ මනස දූෂිත වී ඇති අතර, මෙම තත්වය වෙනස් කිරීමට බොහෝ දේ කර තිබෙනවා. අපි පෞද්ගලිකව මුණගැසෙන විට මම මේවායින් කිහිපයක් ඔබ සමඟ බෙදා ගන්නම්. මෙහි ඉතා රසවත් යෝජනා කිහිපයකුත් තිබෙනවා.

ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා අපට කළ හැකි සෑම දෙයක්ම අපි කරනවා. කෂින් සහ අපේ කණ්ඩායම අපෙන් ඔබට ස්තූති කරන ලෙස ඉල්ලා සිටියා, ඔබ මෙය රාජ්‍ය කවුන්සිලයේදී මතු කළා. අපි දැන් ‘මගේ මව්බිම’ ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් ගණනාවක මෙම ගැටලුව ක්‍රියාත්මක කරනවා. ඔබට මට සුබ පතන්න පුළුවන්, අපි එහි තිරිඟු වගා කළා. මගේ සතුටට එය “සුගනොව්කා” ලෙස නම් කළා. මේ වසරේ එය ලෝක වාර්තාවක් ලබා දුන්නා. සිතා ගැනීමටවත් අපහසුයි. හෙක්ටයාරයකට සෙන්ටර් 185ක්. විද්‍යාව සහ විශේෂඥයින් හොඳම යුරෝපීය ප්‍රභේදය වන “චැම්පියන්” ට වඩා සෙන්ටර් 5ක් වැඩියෙන් වාර්තාකර ඇති අතර එය 180 ගණනක් ලබා දුන්නා. සමස්තයක් වශයෙන්, අරියෝල් කලාපය මේ වසරේ රටේ ඉහළම ඵලදායී කලාප තුන අතරට එක් වනු ඇත. අපේ භූමියෙන් අඩක් සෙන්ටර් 50ක් සඳහා, අපි ධාන්‍ය ටොන් 7ක් අස්වැන්න ලබා ගන්නවා. අපි මෙම ප්‍රතිපත්තිය දිගටම කරගෙන යනවා.

මම ඔබෙන් අහන්න කැමති මොකක්ද? මේක දැඩි විවේචනයක් විදිහට ගන්න එපා, නමුත් ඔබ මෑතකදී අපේ සියලුම ආර්ථික විද්‍යාඥයින් එක්රැස් කිරීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඔබ සොබියානින්ට ආරාධනා කිරීම හොඳයි. අපි 12 දෙනෙක් හිටියා. මම කළින් ඔවුන්ගේ සියලු කතා නැරඹුවා. ඔබේ මව් රටේ, ඈත පෙරදිග, රැස්වීමේදී සහ මහ බැංකු අධිපති නබියුලිනාගේ මාධ්‍ය හමුවේදී. මූල්‍ය හා ආර්ථික ප්‍රතිපත්ති සඳහා වගකිව යුතු පුද්ගලයින් හතර දෙනෙකු කතා කරනවිට, ඔවුන් ඒකාබද්ධ මාර්ගයක් අනුගමනය කිරීමට බැඳී සිටිනා. නැතහොත් ඔබ බැංකුව භාරගත යුතු අතර, අගමැති අනෙක් සියල්ල භාරගත යුතුයි.

මම ඔබේ කතාව බැලුවා. ඈත පෙරදිග ඔබට අපූරු පිළිගැනීමක් ලැබුණා. දින තුනක දැඩි සාකච්ඡාවලින් පසු ඔබ ඔබවම එකට එකතුකර ගත්තේ කෙසේදැයි මම දන්නෑ. නමුත් හැමෝම අවුල්සහගතයි. එක් අයෙක් කියනවා, “අපි අධික ලෙස රත් වෙලා.” තවත් අයෙක් කියනවා, “අපි සිවිලිමට ඇවිත්.” තවත් සමහරු කියනවා, “කිසිදු පිරිහීමක් නැහැ.” තත්වය සැබවින්ම සංකීර්ණයි. ඔබ හොඳින් තේරුම් ගන්නවා. මට විශ්වාසයි, ඔබට අවශ්‍ය සියලු දත්ත ඇති බව. අපි සියයට 4කට වඩා පහත වැටිිිලා.

ඔබගේ දේශනයේ ප්‍රධාන පණිවිඩය ගෝලීය වර්ධන අනුපාත සපුරාලීමයි. අපි ගෝලීය වර්ධන අනුපාත සපුරා නොගන්නේ නම්, අපි පසුගාමීවනු ඇත. අද, කිසිදු තත්වයක් යටතේ පසුගාමී වීම අපට පිළිගත නොහැකිි. ඔවුන් දැනටමත් සමහර අංශ සියයට එකකට වඩා පහත හෙළා තිබෙනවා.

නමුත් මාව වඩාත්ම පුදුමයට පත් කළේ කුමක්ද? ඔබ අපට සහාය දුන්නා, සම්පත් වෙන් කළා, අපව මුණ ගැහුණා. අපි කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය ගොඩ නගා ඇති අතර, විශිෂ්ට ‘කිරොව් බලාගාරය’ ඇතුළුව 24% කින් වර්ධනය වී තිබෙනවා. ඒක විශිෂ්ටයි. අපි ඒ ගැන ආඩම්බර වෙනවා. ජර්මානුවන් එවැනි වැඩපළවලට ඊර්ෂ්‍යා කරනු ඇි. සාමාන්‍ය වයස අවුරුදු 35 යි, සෑම කෙනෙකුටම උසස් තාක්ෂණික අධ්‍යාපනයක් තිබෙනවා. ඔවුන් වැඩ කිරීමට සූදානම්. නමුත් මෙම මිල ගණන් යටතේ උපකරණ ලබාගත නොහැකි නිසා අපට අඩකින් මන්දගාමී වීමට බල කෙරෙනවා. අපි මෙය නියාමනය කළ යුතුයි.

රොස්ට්සෙල්මාෂ් සඳහාද එය එසේමයි. මට මුළු කණ්ඩායම නම් කළ හැකිි. නමුත් මෙම උපකරණ නොමැතිව අපට කෙත්වල අස්වැන්න නෙළා ගැනීමට නොහැකි වෙනවා. කෙත්වල අපගේ බලශක්ති සැපයුම දැනටමත් ‘බෙලරුසියාව’සහ ‘කසක්ස්තානය’ යන දෙකටම වඩා පසුගාමී ි.

මම ඔබෙන් ඉල්ලා සිටින්නේ ‘එක්සත් රුසියාව’ට ඒ කාර්යය භාරදෙන ලෙසයි. අපි සියල්ල සූදානම් කර තිබෙනවා. කිරොව්ස්කි සහ රොස්ට්සෙල්මාෂ්හි සම්මන්ත්‍රණ පැවැත්වීමට අපි සූදානම්. අහම්බෙන්, අපගේ සභාපතිවරයා නිතිපතා කවුන්සිලය මෙහෙයවන අතර එය සම්පූර්ණයෙන්ම නිවැරදි තීරණයක්.

ගුවන් සේවා සඳහාද මෙය අර්ධ වශයෙන් අදාළයි. පසුගිය වතාවේ ඔබ එන්ජින් සහ අනෙකුත් ගැටලු සමඟ කටයුතු කළා. නමුත් මම කැමතියි කියන්න, ඔබට මේ ගැන කෙසේ හැඟේදැයි මම දන්නෑ. ගුවන් සේවා යථා තත්ත්වයට පත්කරන්න. එය අපගේ ගැලවීමයි. කාල කලාප 11 ක් පුරා විහිදී ඇති රටකට විශාල ගුවන් යානා සමූහයක් තිබිය යුතු අතර, ඒ සඳහා කිසිදු විදේශිකයෙකුට අපට උදව් කළ නොහැකියි. අපට ගුවන් යානා කර්මාන්තශාලා 15 ක් තිබූ අතර, ගුවන් යානා 1,500 ක් නිෂ්පාදනය කළා. අපට සියල්ල කිරීමට හැකියාව තිබෙනවා. අපි ඒ සඳහා වගකිව යුතු විය යුතුයි. අපි ඔවුන් වගකිව යුතු බවට පත්කළ යුතුයි. ඔවුන්ට මුහුණ දිය නොහැකි නම්, ඔවුන් ශක්තිමත් කළ යුතුයි. අපට බලවත්, ඒකාබද්ධ ආයතනයක් අවශ්‍යයි. එය දැඩි විනයක් සහ පෞද්ගලික වගකීමක් අවශ්‍ය වන දැවැන්ත කර්මාන්තය්.

කන්නය තුළ අර්තාපල් මිල හතර ගුණයකින් වැඩි වූ විට, මිල ගණන් සම්බන්ධයෙන් කෂින්, කරිටොනොව් සහ මට එම කාර්යය භාර දෙන්න. අපි වසරක් ඇතුළත ගැටලුව විසඳනවා. එය විසඳීම අපහසු නෑ. එය විසඳිය හැකිි.

මගේ මුළු ජීවිත කාලය පුරාම මම මේක කරනවා. අපිට ජනතා ව්‍යාපාර තියෙනවා. ඔබේ සහයෝගයට ස්තූතියි. ඔවුන් රාජ්‍යයෙන් කිසිවක් ගන්නේ නැහැ. අපිට අතිවිශාල වැටුප්, පුළුල් සමාජ සුභසාධන පැකේජයක්, සියලුම පාසල් සහ ළදරුපාසල් වෙත ප්‍රවේශවිය හැකියාව යනාදිය තිබෙනවා. මේ ගැටලුව විසඳීමට අපට හැකියාව තිබෙනවා. නමුත් පසුව අපි වාසිලීව් සමඟ වැඩ කරනවා. ඔහුට මේ සඳහා විශාල ගෞරවයක් තිබෙනවා. ‘ලෙනින් රාජ්‍ය ගොවිපලේ’දී ගෲඩිනින් සමඟ සහ යුරෝපයේ හොඳම ව්‍යවසාය බවට පත්ව ඇති කසන්කොව් සමඟ පුහුණු සැසි පැවැත්වීමට අපි සූදානම්. දැනට අපට එහි ඌරන් 220,000 ක් සහ ගවයන් 20,000 කට වඩා සිටින අතර, අපි මෙම ක්ෂේත්‍රයේ ශූරයන්. අපි මිල ගණන් උද්ධමනය කරන්නේ නැහැ. අපි එහි කර්මාන්තශාලා තුනක් ඉදිකර තිබෙනවා, විශිෂ්ට ව්‍යවසායන් සියල්ල සෝවියට් ප්‍රමිතීන්ට අනුවයි සිදු කෙරෙන්නේ.

සෝවියට් සංගමය පුරා ජන කණ්ඩායම් 20,000 කට අධික පිරිසක් පැමිණිා. අපගේ ඉතිහාසය පුරාම එහි සංවර්ධනය සම්පූර්ණයෙන්ම නියෝජනය කරන අද්විතීය ගම්මානයක් අපි එහි ගොඩ නැගුවා.

ඒ වගේම ප්‍රධාන ලියකියවිලි සම්මත කර ගැනීම අපට ඉතා වැදගත්. සෝවියට් සංගමය සතුව ප්‍රධාන ලියකියවිලි දෙකක් තිබුණා, මම ඒවා අධ්‍යයනය කළා. මගේ මේසය මත GOELRO සැලැස්ම තියෙනවා, පිටු 800ක් දිග, විශිෂ්ට ලෙස සකස් කළ එකක්. දෙසිය දෙනෙක් එය සකස් කළා. බොල්ෂෙවික්වරු පස් දෙනෙක් පමණයි හිටියෙ. කැපී පෙනෙන විද්‍යාඥයන් එය සකස් කළා. ස්ටාලින්ගේ ලේඛන දෙක.

පුටින්:  ඔවුන් එය සකස් කිරීමට පටන් ගත්තේ සාර්ගේ කාලයේ දී.

සුගනොව්:  ඔව්, ඔව්.

පුටින්: ඇත්ත වශයෙන්ම, GOELRO සැලැස්ම ඒ වනවිටත් සාර් යටතේ සකස් කරමින් පැවතුණා.

ෂුගනොව්:  අපි තීරණයකට සූදානම්.

මට ඔබ සමඟ තනිවම මැතිවරණ ගැන සාකච්ඡා කිරීමට අවශ්‍ය වුුුණා. අද, ‘සවෙත්ස්කායා රසියා’ පුවත්පතේ අපගේ වොරොනෙෂ් ප්‍රාදේශීය කමිටුවෙන් ජනතාවගේ ඡන්ද අයිතිය යථා තත්ත්වයට පත්කිරීම සඳහා කරන ලද අභියාචනයක් ප්‍රකාශයට පත් කා. මතක තබා ගන්න, අපි ඔබ සමඟ වාඩිවී තත්වය ස්ථාවර කරන්නේ කෙසේදැයි සාකච්ඡා කා. අපි විශිෂ්ට තීරණයක් ගත්තා. පක්ෂ ලැයිස්තු අනුව 50%, පක්ෂ ලැයිස්තු අනුව 50%. විශිෂ්ටයි.

ඔබ රාජ්‍ය ඩූමා නායකත්වයේ සංයුතිය සමතුලිත කිරීමට තීරණය කර තිබෙනවා. දක්ෂ කමිටු නායකයෙකු සිටී නම්, නඩු පැවරීම නොව වැඩ කටයුතු සිදුවනු ඇතැයි මම ඔබට සහතික වෙනවා. ඔබ සංයුතිය දෙස බැලුවහොත්, මෙල්නිකොව් විශිෂ්ට කාර්යයක් කරන අතර, කෂින්, කරිටොනොව්, ඔස්ටැනිනා ඔවුන් දැනට සම්පූර්ණ පැකේජයක් සහ කලෂ්නිකොව් – සංක්‍රමණය නියාමනය කිරීම සඳහා යෝජනා සකස්කරමින් සිටිිිිනවාව. අපි ඔවුන් සූදානම් කර තිබෙනවා. මොවුන් ඉතා සාර්ථක පුද්ගලයින්, ඉතා දක්ෂයි. නමුත් ප්‍රාදේශීය මට්ටමින්, සමහර විට ඔබට හමුවන්නේ ‘එක්සත් රුසියා’හි සාමාජිකයින් පමණයි. ඔවුන් පක්ෂ ලැයිස්තු ඉවත්කර තිබෙනවා. ඔවුන්ට එය අවශ්‍ය නැහැ, අපට එය අවශ්‍ය නැහැ. ප්‍රාදේශීය මට්ටමින් තත්වය සමතුලිත කිරීමට මිනිසුන්ට අවස්ථාවක් නොමැති නම් කිසිවෙකුට එය අවශ්‍ය වෙන්නෑ. ඔවුන් ජනාධිපතිවරයාගේ ආදර්ශය අනුගමනය නොකරන්නේ මන්දැයි මම දන්නෑ. ඔවුන් එසේ කිරීමට බැඳී සිටිනවා.

මගේ මතය අනුව, මෙහි සැලකිය යුතු විභවයක් ඇති අතර, රැස්වීමේදී මම එය ඔබට පෙන්වන්නම්. නමුත් නව ඩූමාව සමබරකිරීම, ජනාධිපතිවරයාගේ කතාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම, අවම පාඩු සහිතව ජයග්‍රහණය ලබා ගැනීම සහ ජනතාවට සන්සුන්ව ඡන්දය දීමට සහ එකතු වී ඇති ගැටලු විසඳීමට අවස්ථාව ලබා දීම ගැන අපි අතිශයින්ම උනන්දු වෙනවා.

ඔබට පෙනෙනවා, අපට ඉතා පොහොසත් රටක් තිබෙනවා. ජනතාවට තම අදහස් ප්‍රකාශ කිරීමට සහ තම නායකයින් වගකිව යුතු බවට පත්කිරීමට අවස්ථාව තිබිය යුතුයි. ප්‍රාදේශීය නිලධාරීන් වගකිව යුතුයි. බිම් මට්ටමේ පාලනය – පළාත් පාලන ආයතන අහෝසි කිරීම ඉල්ලා සිටින නීතියක් ඔවුන් අපට ගෙනාවා. මෙය ගොවි ප්‍රජාව සහ කොසැක් කවය, උත්තරීතර සභාව සහ පක්ෂ කමිටුවෙන් ආරම්භ වී වසර දහස් ගණනක් තිස්සේ නිර්මාණය වෙමින් පවතිනවා. මේවා රුසියානු ජනතාවගේ සහ අපගේ ධජය යටතේ අප රැස්කර ඇති සියලුම ජනතාවගේ සාමූහික ජීවන ආකාරයන්. මෙය මූලික ගැටලුවක්.

ඉතින්, කිලෝමීටර් 100ක් ඈතින් පිහිටි යකුටියා හි කොහේ හරි, තවත් නිලධාරියෙක් “ආච්චි කොහොමද කරන්නේ” කියලා හෝ කෙනෙකුට “මොකද වෙලා තියෙන්නේ” කියලා කරදර වෙයිද? මේ රෝග දකින, දැනෙන සහ ඒවාට වෙනස් ලෙස සලකන අය ළඟ පාත සිටිය යුතුයි. අපට මෙය අහෝසි කළ නොහැකිිියි. ඊට පටහැනිව, අපි මෙම ජාලය සංවර්ධනය කළ යුතුයි. ඔබ සෑම වසරකම රැස්වී ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතුයි. නිලධාරීන් තීරණ ගත යුතුයි, ප්‍රතිචාර දැක්විය යුතුයි සහ මෙම ගැටලු සම්බන්ධයෙන් එම ස්ථානයේදීම ක්‍රියා කළ යුතුයි.

හොඳයි, අපි ප්‍රගතියක් ලබා තිබෙනවා. අවසානයේ ස්ටාලින්ග්‍රෑඩ් නැවත එහි මුල් නමට පැමිණිම මූලික වශයෙන් වැදගත්. ‘ධෙර්ෂින්ස්කි’ ස්මාරකය ස්ථාපනය කරමු. ජනතාව එය ඉල්ලා සිටින අතර, එය සාධාරණයි. තොරතුරු අධ්‍යයනයක් පැවැත්වීමට අපි ඉල්ලා සිටිනවා. දහයෙන් අටක් එයට තීරණාත්මකව සහ වෛෂයිකව සහාය දක්වන බව මම ඔබට සහතික වෙනවා. මෙය ජයග්‍රහණයේ සහ නව සාර්ථකත්වයේ ආත්මයකින් සෑම කෙනෙකුටම ආශ්වාදයක් ලබාදෙනු ඇි. අපි එයට සුදුසුයි.

ඔබ දක්වා ඇති ප්‍රතිපත්තිය පැහැදිලිව සහ අඛණ්ඩව අනුගමනය කිරීම ගැන ඔබට ස්තූතියි. එයට සහයෝගය ලැබෙනවා. නමුත් සියලුම බිම් මට්ටමේ ව්‍යුහයන් මෙම ඉලක්කය කරා වැඩ කිරීමට බැඳී සිටිනවා.

ගොඩාක් ස්තූතියි.

පුටින් :  බොහොම ස්තූතියි.

කරුණු කිහිපයකට ඉතා කෙටියෙන් ප්‍රතිචාර දක්වන්නම්.

අපේ තරුණ පරම්පරාව සම්බන්ධයෙන්. “සෝරෝස්ගේ පෙළපොත් නිසා ඔවුන්ගේ මනස දූෂිතවී ඇත,”යි ඔබ පැවසුවා. ඇත්ත වශයෙන්ම, මෙම පෙළපොත් සියල්ල තිබියදී, එවැනි ගැටලුවක් පැවතුණා. දැන් බොහෝ දේ නිවැරදි වෙමින් පවතින බව මම සිතනවා. මම ඔබ සමඟ මෙහිදී එකඟ වෙනවා. ඒවායේ ඍණාත්මක බලපෑම පැහැදිලියි. අපට තවමත් පවුල්-සමාජ-රාජ්‍ය ආරක්ෂාව ඉහළ මට්ටමක ඇති අතර, අපගේ තරුණයින් දේශප්‍රේමය සහ මාතෘ භූමිය ආරක්ෂා කිරීමට කැමැත්තක් දක්වන අතර, අවශ්‍ය නම්, අපගේ සාම්ප්‍රදායික වටිනාකම් වෙනුවෙන් පෙනීසිටීමට කැමැත්තක් දක්වනවා. මේ ගැන අපට සතුටු විය හැකි බව මම සිතනවා.

නමුත්, ඇත්ත වශයෙන්ම, මේ සඳහා සමාජයෙන්, මාධ්‍යයෙන් සහ ඇත්ත වශයෙන්ම දේශපාලන පක්ෂවලින්ද නිරන්තර අවධානය අවශ්‍ය වෙනවා. ඔබ විශාල වැඩ කොටසක් කරනවා, රුසියානු සමූහාණ්ඩුවේ කොමියුනිස්ට් පක්ෂයත් තරුණයින් සමඟ විශාල වැඩ කොටසක් කරන බව මම දන්නවා.

දෘෂ්ටිවාදය ගැන ඔබට කැමති ඕනෑම දෙයක් ඔබට දැනිය හැකිි. නමුත් නියත වශයෙන්ම, මම මේ සඳහා ඔබට ස්තූති කිරීමට කැමතියි. එය දේශප්‍රේමී හැඟීමක්. දෘෂ්ටිවාදාත්මක සියුම් කරුණු සම්බන්ධයෙන්…එය පැහැදිලියි.

සුගනොව්:  අපි එය නියාමනය කරනවා.

පුටින්:  ඔව්.

දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 4කට වඩා පහත වැටීම සම්බන්ධයෙන්, එය හිතාමතා කරන ලද ක්‍රියාවක්. මෙය පහත වැටීමක් නොවේ. මෙය උද්ධමනය මැඩ පැවැත්වීම සහ සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා හුවමාරු කරගැනීම සඳහා වර්ධන අනුපාත අඩු කිරීම්. නමුත් ඔබ නිවැරදියි. අපි රේඛාව කොතැනද යන්න තේරුම් ගතයුතුයි. ඉන් ඔබ්බට අපි අධික සිසිල ඇති ස්ථානයකට ළඟාවන අතර සමහර විට අවපාතයකට පවා යා හැකියි.

 සුගනොව්:  ප්‍රධාන දෙය නම් ඒවා කැටි නොකිරීමයි.

පුටින්: ඔව්, ඔබ හරි. මම හිතන්නේ අපි තවමත් අවපාතයකින් බොහෝ දුරයි, සහ ශ්‍රම වෙළඳපොළ මෙය සනාථ කරයි. අපගේ විරැකියා අනුපාතය ඓතිහාසික අවම මට්ටමක පවතිනවා. සියයට 2 කට වඩා වැඩියි. එය ආර්ථිකයේ සෞඛ්‍යය පිළිබඳ ප්‍රධාන දර්ශකයක් වන අතර අප අවපාතයක සිටිනවාද යන්න පිළිබඳ දර්ශකය්. ශ්‍රම වෙළඳපොළ වෙනත් ආකාරයකින් යෝජනා කරයි.

කෙසේ වෙතත්, ප්‍රශ්න ඉතා බරපතළ ි.

ඇත්ත වශයෙන්ම, රාජ්‍ය ඩූමාහි සාකච්ඡාව අතරතුර, රටේ ප්‍රධාන මූල්‍ය ලේඛනය වන “අයවැය නීතිය” සම්බන්ධ ගැටලු තීරණය කිරීමේදී, සියලුම කණ්ඩායම් නියෝජිතයින් මේ පිළිබඳව ක්‍රියාකාරීව සාකච්ඡා කරනු ඇති බව මට ඒත්තු ගොස් තිබෙනවා.

ඔබ හරි, ගුවන් සේවා සම්බන්ධයෙන් ගත් කල, මෙහි කිසිවෙකු අපට කිසිවක් ලබාදෙන්නේ නැහැ. එය පැහැදිලිි. අපට සාම්ප්‍රදායිකව සටන් ගුවන් සේවා පිළිබඳ හොඳ, ඉහළ මට්ටමේ සංවර්ධනයක් ඇති අතර එය දිගටම පවතීවි.

සුගානොව්:  අපි ඒක බේරගත්තා, දෙවියන්ට ස්තූතියි.

පුටින්:  ඔව්, අපි එය සංරක්ෂණය කර, ප්‍රතිසංස්කරණය කර, ඉදිරියට බොහෝ පියවර තබා තිබෙනවා. දැන්, විශේෂ හමුදා මෙහෙයුම සඳහා අපටම සටන් ගුවන් යානා අවශ්‍ය වුවද, අපගේ ගුවන් සේවා ව්‍යවසායන් අති විශාල යැයි මම විශ්වාස කරන්නේ නැහැ. නමුත්, අපි අද රුසියානු සන්නද්ධ හමුදාවන්ගේ අවශ්‍යතා සම්පූර්ණයෙන්ම සපුරාලනවා පමණක් නොව, අපනයනය සඳහා අවශ්‍ය උපකරණ ද සපයනවා. එයට විශාල ඉල්ලුමක් පවතිනවා. එපමණක් නොව, මෙය විශේෂ හමුදා මෙහෙයුමේදී සටන්-පරීක්ෂා කරනලද වඩාත්ම නවීන, ඵලදායී උපකරණයයි.

ගුවන්යානා එන්ජින් ගොඩනැගීමේ ක්ෂේත්‍රයේ අපට දිගුකලක් එවැනි සාර්ථකත්වයක් ලැබී නොමැති බව, මම මේ ගැන දැනටමත් කතා කර ඇති බව පෙන්වාදීමට කැමැතියි.

සුගානොව්:  ඔව්.

පුටින්:  අපි PD-14 හැදුවා. සෝවියට් යුගයේ ඉඳන් එහෙම දෙයක් තිබුණේ නැහැ. අන්තිමට එන්ජිම හැදුවේ මොන අවුරුද්දේද කියලා මට මතක නැහැ. මම හිතන්නේ ඒ 1980 ගණන්වල අගභාගයේදී. අපි අලුත් එන්ජිමක් හැදුවා, ඇත්තටම විශිෂ්ට එකක්, ඒක හොඳයි. ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව නෙවෙයි.

සුගානොව්:  වඩා හොඳයි.

පුටින්: අපි දැන් මේ දිශාවට ගමන් කළ යුතුයි. රුසියාව ඇතුළුව සමාන එන්ජින් නිෂ්පාදනය කරන්නේ රටවල් හතරක් පමණයි. මෙය නිසැකවම සැබෑ ආර්ථිකයේ අපගේ තරඟකාරී වාසිය්. නමුත් අපට පුළුල් බඳ සහ දිගු දුර ගුවන් යානා සඳහා එන්ජිමක් අවශ්‍යයි. ඒ PD-35. අතරමැදි ප්‍රභේදය PD-26 වනු ඇත. වැඩ කටයුතු ඉතා ක්‍රියාශීලීව සිදුවෙමින් පවතිනවා.

ඇත්ත වශයෙන්ම, අපි බොහෝ කලකට පෙර දේශීය හා කලාපීය ගුවන් සේවා සම්බන්ධ සියලු ගැටලු විසඳාගත යුතුව තිබුා. අප වැනි රටකට, එහි විශාල භූමි ප්‍රදේශයක් ඇති, එක් කලාපයකින් තවත් කලාපයකට, මොස්කව් හරහා අසල්වැසි කලාපයකට පියාසර කිරීම. අවාසනාවකට මෙන්, මෙය තවමත් පවතිනවා. සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි නමුත් අදාළ විශේෂඥයින් පොරොන්දු වන පරිදි, වසර එකහමාරකින් පමණ, අපට සියල්ල නිෂ්පාදනය කිරීමට හැකි වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. අපි අපේම ගුවන් යානා පියාසර කරවන්නෙමු.

[ඉන්පසුව, පළාත් පාලන ආයතන සම්බන්ධයෙන්. ඒවායේ වැඩ අවසන් කිරීමේ කිසියම් ප්‍රශ්න සාකච්ඡා කළහ.]

පුටින්:  හරි, අපි ඒ ගැන හිතමු.

සුගනොව්:  අපි දේශපාලන ව්‍යුහය ශක්තිමත් කළ යුතුයි. ස්ථාවර ව්‍යුහයක් නොමැතිව පාලනය කළ නොහැකියි..

පුටින්:  හරි, අපි ඒ ගැන හිතමු. අපි මේකට පස්සේ ආපහු එමු.

ඉන්පසු වොල්ගග්‍රාද් වෙත ස්ටාලින්ග්‍රාද් යන නම නැවත පැමිණීම ගැන. අපි ඒ ගැන සිතා බැලිය යුතුයි. තීරණය කිරීම ප්‍රදේශවාසීන් සතුයි. නමුත් සමස්තයක් වශයෙන්, මහා දේශප්‍රේමී යුද්ධයට සම්බන්ධ සෑම දෙයක්ම සහ එම ජයග්‍රහණයේ දී ස්ටාලින්ගේ භූමිකාව මතකයේ තබාගෙන දේශපාලනීකරණයෙන් නිදහස් කළ යුතුයි. මර්දනයන් හා සම්බන්ධ බොහෝ ගැටලු තිබුා. ඒ සියල්ල තේරුම් ගත හැකි අතර, අපට ඒවා සුළු කොට තැකිය නොහැකි අතර, රට ඒවා අමතක නොකළ යුතුි. නමුත් මහා දේශප්‍රේමී යුද්ධයේදී සෝවියට් ජනතාවගේ ජයග්‍රහණය සඳහා මෙම විශේෂිත මිනිසා ඉටුකළ කාර්යභාරය අමතක කිරීම අසාධාරණයි.

මෙය කරන්නේ කෙසේද යන්න තවත් කාරණයකි. නමුත් අද වොල්ගොග්‍රෑඩ් නගරයට ස්ටාලින්ග්‍රෑඩ් යන නම නැවත ලබාදීම, ඇත්ත වශයෙන්ම, පළමුවෙන්ම සහ ප්‍රධාන වශයෙන් තීරණය කළ යුත්තේ කලාපීය මට්ටමින් ය. නමුත් ඔබ පැවසූ දෙයෙහි තර්කය මට තේරෙනවා.

පුටින්:  ස්තූතියි.

සුගනොව්:  ස්තූතියි

KPRF වෙබ් පිටුව මගින් සකස් කළේ;

ජයන්ත වැලිවිට

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top