/ Oct 19, 2025

තවත් ප්‍රබල රටවල් තුනක් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගනී

ඇමරිකාවේ සහ ඊශ්‍රායෙලයේ අප්‍රසාදය මධ්‍යයේ තවත් ප්‍රබල රාජ්‍යයන් තුනක් විසින් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිිිළිගෙන තිබේ. එක්සත් රාජධානිය, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව එම රටවල් තුනයි.

එම පියවර ගත් පළමු G7 රට ලෙස කැනඩාව ප්‍රමුඛස්ථානයේ පසුවන අතර, ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය ද ඉන්පසුව පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

පලස්තීන ජනයාට එරෙහිව වර්ග සංහාරයක් සිදු කරන බව ලොව පුරා නන්දෙසින් ඊශ්‍රායෙලයට චෝදනා එල්ල වෙමින් තිබේ. සිය ගණනක් දරුවන් මන්ද පෝෂණය හේතුවෙන් ගාසා තීරයේ මිය යමින් සිටී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top