/ Oct 19, 2025

කඩුවෙල නගරාධිපති රන්ජන් බොරු කියා වැරදිකරු වී වන්දි ගෙවන්න වෙයි!

වත්මන් කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ට එරෙහිව, හිටපු අමාත්‍ය චම්පික රණවක විසින් පවරන ලද දීර්ඝකාලීන නඩු විභාගයක තීන්දුවක් ප්‍රකාශයට පත් කර ඇති අතර එහිදී වත්මන් නගරාධිපති ජයලාල් වරදකරු බවට ප්‍රකාශයට පත් කර ඇත.

රන්ජන් ජයලාල් මහතා ලංකා විදුලි සේවක සංගමයේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී අසත්‍ය ප්‍රකාශ කරමින් මහජනතාව නොමග යැවූ බවට අධිකරණය විසින් තීරණය කල බව චම්පික රණවක මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා කියා සිටියේ ය.

අදාළ සිවිල් නඩුව වසර දහතුනක පමණ දීර්ඝ කාලයක් තිස්සේ අධිකරණය හමුවේ විභාග විය.

මෙහිදී, රන්ජන් ජයලාල් මහතා වරදකරු බවට තීරණය කළ අධිකරණය, පැමිණිලිකාර චම්පික රණවකට වන්දි මුදල් ගෙවන ලෙසට නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top