/ Oct 19, 2025

දේවාරූඩයෙන් කළු සල්ලි සුදු කළ කපුවා දැලේ

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන “ලොකු පැටීගේ” මත්ද්‍රව්‍ය ජාලයේ මුදල් පාලන කටයුතු සිදුකළ ගන්දර ප්‍රදේශයේ කපුවෙකු නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

අත්අඩංගුවේ පසුවන ලොකු පැටීගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ අතර එහිදී ඔහුට අයත් ගිණුම් වල රුපියල් කෝටි 33 ක මුදලක් සංසරණය වී ඇති බව හෙළි වී ඇත.

ලොකු පැටී ගේ ෙමත්ද්‍රව්‍ය ජාලයේ මුදල් මෙහෙයුම්කරු ලෙස කටයුතු කර ඇති මෙම කපුවා සැකකාර කපුවා දින හතක රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කරගෙන යන අතර තවත් තොරතුරු රැසක් ඔහුගෙන් හෙළිකර ගැනීමට හැකිවනු ඇති බව පොලිසිය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top