කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටත් වෙන ගුවන් මගීන්ට අද (17දා) මධ්‍යාහන 12 සිට ක්‍රියාත්මක වන පරිදි නියමිත ගුවන් ගමන් වේලාවට පැය 4කට පෙර ප්‍රවේශ පත්‍ර පරීක්ෂාවට අවසර ලබාදී ඇති බව වාර්තා වෙයි.
මීට පෙර පැය 03කට පෙර තිබූ මෙම කාලසීමාව වෙනස් කිරීම මගින් ගුවන් මගී සේවා පහසුකම් වැඩිදියුණු කිරීම හා ගුවන් මගීන් සඳහා ගුවන් තොටුපොළ කටයුතු පහසු කිරීම අපේක්ෂා කෙරෙන බව සඳහන් වේ.