නිකවැරටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන ගැහැනු දරුවන් තිදෙනෙකුගේ ඡායාරූප ලබාගෙන කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් එම ඡායාරූප නිරුවත් ඡායාරූප බවට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාසල් සිසුවෙකු සහ විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වරද සිදු කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබූ අතර වයස අවුරුදු 14 සහ 15 වන වියේ පසුවන ගැහැනු දරුවන් තිදෙනෙකුගේ ඡායාරූප මෙලෙස කෘත්‍රිම බුද්ධිය යොදාගෙන නිරුවත් ඡායාරූප බවට පත් කර ඇතැයි අධිකරණයේදී කරුණු අනාවරණය විය.
සැකකාර පාසල් සිසුවාට සහ විදුහල්පතිවරයාට වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ 10ක් වටිනා ශරීර ඇප එක බැගින් නියම කළ මහේස්ත්‍රාත් අධිකරණය ඇපකරුවන් සමීපතම ඥාතීන් විය යුතු බවට ද නියෝග කළේ ය.