/ Nov 13, 2025

වව්නියාව නගරාධිපති – නි. නගරාධිපති ධුර අත්හිටුවයි

වව්නියාව නගර සභාවේ නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය ඊයේ (21) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

වව්නියාව නගර සභාවේ සාමාජිකයින් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

මෙම පෙත්සම තුළින් සඳහන් කර තිබෙන්නේ වව්නියාව නගරාධිපතිවරයා ජන්ද 11ක් ලබාගෙන නගරාධිපති වශයෙන් තේරී පත්වූ අතර ඔහු හා තරග වැදුණු අනෙක් සභිකයා ඡන්ද 10 ලබාගෙන තිබූ බවය.

නියෝජ්‍ය නගරාධිපති ධුරයට පත්වූ තැනැත්තා ලබාගත් ඡන්ද ගණන 11ක් වන අතර ඔහු හා තරග වැදුණු අනෙක් සභිකයා ඡන්ද 10ක් ලබාගත් බවද එහි සඳහන් කළ අතර නියෝජ්‍ය නගරාධිපතිවරයා වශයෙන් තේරී පත්වූ සභිකයා නගර සභා බලප්‍රදේශයෙන් පිටත පදිංචි අයෙකු බව පෙත්සමෙන් චෝදනා කර තිබේ.

ඒ අනුව නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති තනතුරු දැරීම සඳහා ප්‍රමාණවත් ඡන්ද නොලැබී ඇති ඔවුන්ට එම තනතුරු දැරීමට නීත්‍යානුකූල සුදුසුකම් නොමැති බව මෙම පෙත්සම තුළින් චෝදනා කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top