බේරේ වැවේ පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් පාවෙමින් තිබූ බවට ලැබුණු තොරතුරක් මත, මරදාන පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර ඇත.
මෙම මළ සිරුර වයස අවුරුදු 55 – 60 අතර පසුවන පිරිමි පුද්ගලයෙකු ගේ බවට අනුමාන කරන අතර ඔහු කළුපාට දිග කලිසමක් හා කොළ පැහැති අත්දිග කමිසයක් හැඳ සිට තිබේ.
හදිසි මරණ පරීක්ෂණයෙන් පසු, මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මරදාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.





