බද්දේගම, මහලියන ගෙවත්තේ නිවසක් තුළ තිබී සොයාගත් 48 හැවිරිදි කාන්තාවකගේ සැක කටයුතු මරණය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මෙම මළ සිරුර නිවෙස් හිමි කතගේ බව අනාවරණය වී ඇත.
මෙම කාන්තාව දින ගණනාවක් තිස්සේ දකින්නට නොසිටි බවත් නිවසේ විදුලි පහන් දල්වා තිබූ බවත් දුටු ප්‍රදේශවාසීන් පොලිසියට දැනුම් දී ඇත. ඒ අනුව පැමිණි පොලිස් නිලධාරීන්, ලේ ගැලීමේ සලකුණු සහිතව ඇගේ මළ සිරුර විසිත්ත කාමරයේ බිම නිරුවතින් වැටී තිබියදී සොයාගන්නා ලදී.
මියගිය කාන්තාව බද්දේගම, සඳරාවල ප්‍රදේශයේ පදිංචිකාරියක ලෙස හඳුනාගෙන ඇත.





