/ Dec 07, 2025

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ ගොල්ෆ් ලෝකඩ පදක්කම දිනාගත් කයා දළුවත්ත දිවයිනට!

​බහරේන් හිදී පැවැත්වෙන 3 වැනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී (Asian Youth Games Bahrain 2025) ශ්‍රී ලංකාව නියෝජනය කළ කයා දළුවත්ත ගොල්ෆ් ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

සිය තරඟ ඉසව්ව සාර්ථකව නිමා කළ ඇය අද (27) ශ්‍රී ලංකාවට පැමිණියාය.

​ඇයව පිළිගැනීම වෙනුවෙන් සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාගත් ජයග්‍රහණයට ස්තූතිය පළ කිරීමට ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන් සහ ජාතික ඔලිම්පික් කමිටුවේ සාමජකයින් ද කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top