වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිගේ ඝාතකයා බවට සැක අය අත්අඩංගුවට ගැනීම සිදු කළ නිලධාරීන්ට විරුද්ධව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් පවසයි.
මෙම සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහුව වීඩියෝ කරමින් ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ දැඩි අවධානයට යොමුව ඇති බවද ඔහු පැවසුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.
මෙලෙස නඩු කටයුත්තක් සම්බන්ධයෙන් වන සාක්ෂි නිරාවරණය වීම නඩුවට අගතියක් බවත් වින්දිත පාර්ශ්වයට අගතියක් ලෙසත් ශ්‍රී ලංකා පොලිසිය සලකන බව අවධාරණය කළ මාධ්‍ය ප්‍රකාශකවරයා අපරාධ සම්බන්ධ සංවේදී කරුණු සමාජගත කිරීමට පෙර ඒ ගැන අවධානය යොමු කරන ලෙස මාධ්‍යවේදීන්ගෙන්ද ඉල්ලා සිටියේය.





