එළැඹෙන වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.1% දක්වා වර්ධනය විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර තිබේ.
ශ්‍රී ලංකා රජයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ආරම්භ කළ පසුබිමක ආර්ථික වර්ධනයේ ශක්තිමත් ප්‍රකෘතියක් ඇති වූ බවත් පසුගිය වසරේ වර්ධනය 5%ක් වූ අතර මෙම වසරේ පළමු භාගයේදී වර්ධනය 4.8%ක් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, තෝමස් හෙල්බ්ලින් විසින් පෙන්වා දී ඇත.
මේ වන විට එම ශක්තිමත් ප්‍රකෘතියෙන් යම් ප්‍රමාණයක් සාමාන්‍යකරණය කිරීමක් වී තිබෙන නමුත් ආර්ථික ක්‍රියාකාරකම්වල මට්ටම අනුව ඇතැම් වර්ධනයන්හි බලපෑම තාවකාලික බවයි හෙල්බ්ලින් මහතා පවසන්නේ.
කෙසේවෙතත් 2024 සහ 2025 දී සැබවින්ම අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත් ප්‍රකෘතිමත් වීමක් දැකිය හැකිවනු ඇති බවද ඔහු සඳහන් කරයි
මේ අතර ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම (EFF) පිළිබඳ පස්වන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබුණි.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සමාලෝචනය සාර්ථකව අවසන් කර ඇත.
IMF විධායක මණ්ඩලය විසින් මෙම සමාලෝචනය අනුමත කළ පසු, ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 347ක පමණ මූල්‍යකරණයක් හිමිවීමට නියමිතයි.





