සංවිධානාත්මක අපරාධ හා මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන මේ වන විට අත්අඩංගුවේ පසුවෙන කෙහෙල්බද්දර පද්මේගේ තවත් ගෝලයන් තිදෙනෙක් වත්තලදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල වන ‘රටම එකට’ ජාතික වැඩසටහන යටතේ ඊයේ (30) පස්වරුවේ සිදුකර තිබුණු වැටලීමේදී රුපියල් කෝටි තුනහමාරක පමණ වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය තොගයක් වත්තල පොලිස් වසමේ පල්ලියවත්ත ප්‍රදේශයේදී සොයා ගෙන තිබුණි.
එම වැටලීමේදී අත්අඩංගුවට ගෙන තිබුණු පුද්ගලයින් තිදෙනා කෙහෙල්බද්දර පද්මේගේ ගෝලයින් බවට අනාවරණය වී ඇති අතර ඔවුන් අවුරුදු 25, 21 සහ 28 යන වයස්වල පසුවෙන වත්තල පල්ලියවත්ත, අවරකොටුව සහ ගලගහදූව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.
සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 165ක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (31) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතයි.





